මහජනතාව සෞඛ්‍ය උපදෙස් කඩකළහොත් ඉදිරි සති දෙකක කාලසීමාව තුළ මෙරට කොරෝනා රෝගීන් වාර්තා වීම විශාල ලෙස ඉහළ යා හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ නොසැලකිලිමත්ව කටයුතු කළ හොත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවස්ථාවට පත්විය හැකි බවයි.
එසේ වුවහොත්, මෙම රෝගය වැළදෙන පුද්ගලයින්ගේ ප්‍රතිකාර කටයුතු නිසි පරිදි සිදුකළ නොහැකි තත්ත්වයක් උද්ගත වන අතර, එම තත්ත්වය වළක්වා ගැනීමට දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රකාශ කළා.
මේ දක්වා මෙරට තුළ වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 ක් වන අතර, චීන කාන්තාව ද ඇතුළු 3 දෙනෙකු පූර්ණ සුවය ලබා අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, වෛද්‍ය අධීක්ෂණය යටතේ කොරෝනා වැළදී ඇති බවට සැක කරන පුද්ගලයින් 255 දෙනෙකු රෝහල් 24 ක රදවා සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලෙහි පරිපාලක නිලධාරිවරයෙකු වන යුද හමුදා කර්නල්වරයෙකු සහ ඔහුගේ පුත්‍රයාට ද වෛරසය වැළදී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඔවුන්ට දැනට අයි.ඞී.එච් රෝහලේ රදවා සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.
මීට පෙර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලෙහි හෙදියකට කොරෝනා වෛරසය වැළදී තිබූ අතර, ඉන් අනතුරුවයි මෙම කර්නල්වරයාට වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇත්තේ.
එම හෙදිය ද මේ වනවිට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර, කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන පළමු ශ්‍රී ලාංකික මරණය ඉතාලියෙන් වාර්තා වනවා.
70 හැවිරිදි මොහු එරට මෙසීනා හි ක්‍රිස්ටෝ රේ සාත්තු නිවාසයේ සිටියදී මිය ගොස් ඇති බව සඳහන්. මොහුගේ මෙරට පදිංචි ප්‍රදේශය සහ ඔහුට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින බවයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කළේ.

Latest News
එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව
Local
16 August 2026
අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
Local
16 August 2026
පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා CID යයි
Local
16 August 2026
ටූනා මත්ස්‍ය තොග කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ලබන සතියේ ජපානයේදී
Local
16 August 2026
මාඔයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ
Local
16 August 2026
අයගමදී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ප්‍රපාතයෙන් ගොඩගැනීමට යුද හමුදා මෙහෙයුමක්
Local
16 August 2026
මැර කල්ලි දෙකක් හදා නායකයා වෙන්න ගිය අයෙක් ආයුද සමග STF දැලේ
Local
16 August 2026
ධීවරයින් වෙනුවෙන් විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීමට පියවර
Local
16 August 2026
හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු මරුට
Local
16 August 2026
හුළුදාගොඩ වෙඩිල්ලත් පාතාල කල්ලියක වැඩක් බවට සැක
Local
16 August 2026