ලොව කොරෝනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක දක්වා ඉහළ යා හැකි බවට එරට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමරිකාවේ ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට නිව්යෝක්, නිව් ඕලියන්ස් සහ සෙසු ප්‍රධාන නගර රැසක වෛද්‍ය සැපයුම් ඉතා නුදුරේදිම අවසන් වනු ඇති බවයි.
ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට එක්ලක්ෂ 42,178ක් ලෙස දැක්වෙන අතර, මරණ සංඛ්‍යාව 2,484ක් ලෙස වාර්තාවනවා.
මේ වනවිට ඇමරිකාව තුළ දැඩි මුඛ ආවරණ සහ කෘත්‍රිම ස්වසන ආධාරක හිඟයක් පවතින අතර, ජනාධිපති ට්‍රම්ප් චෝදනා කරන්නේ රෝහල් එම උපකරණ තොග ගබඩා කරගෙන ඇති බවටයි.
එලෙස උපකරණ ගබඩා කරගෙන සිටින රෝහල් ඒවා වහාම නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවයි ධවල මන්දිරයේදී එක්සත් ජනපදයේ වෛද්‍ය කණ්ඩායම් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු ප්‍රකාශ කළේ.
මේ අතර ඉතාලියේ මුළු ආසාදිත සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වීම හේතුවෙන් එරට රජය පනවා ඇති නගර වසා දැමීමේ තීරණය ජූලි 31 වනදා දක්වා දීර්ඝ කිරීමට තමන් දැනටමත් අවසර ලබාදී ඇති බවයි අගමැති ගුසෙප් කොන්ටේ ප්‍රකාශ කළේ.
මේ වනවිට ඉතාලියෙන් කොරෝනා මරණ 10,779ක් වාර්තා වනවා.
චීනයේද නව මරණ 4 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 3,304ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ආසාදිතයන් 31 දෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව 81,470 දක්වා වැඩිවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවද මේ වනවිට 6,803 ක් ලෙස සටහන් වන අතර, මුළු ආසාදිතයන් සංඛ්‍යාව 80,110ක්.
ජර්මනියද ආසාදිතයන් 62,435ක් සහ මරණ 541ක් වාර්තාවනවා.
ප්‍රංශයේ ආසාදිතයන් 40,174ක් වාර්තා වෙද්දී මරණ සංඛ්‍යාව 2,606ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,024 ක් ලෙස දැක්වෙන අතර, මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහල ගියා.
මේ අතර පන්ජාබ් ප්‍රාන්තයේ දෙවන කොරෝනා මරණය වාර්තාවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අම්රිත්සාර් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 62 හැවිරිදි අයෙක් මෙලෙස මියගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

Latest News
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026