කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් පස් දෙනෙකු අද දිනයේ වාර්තා වීමත් සමග මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ නාත්තණ්ඩිය ප්‍රදේශයේ මාස 4කුඩා බිළිදෙකු ඇතුළු එකම පවුලේ 5 දෙනෙකුට ද කොරෝනා වැළදී ඇති බවයි.
මෙම බිළිඳා මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වයසින් අඩුම කොරෝනා ආසාදිතයායි.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ 4 දෙනෙකු අද දිනයේදීත් රෝහලෙන් නික්ම ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
මේ අතර, පෙරේදා දිනයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණු කොරෝනා ආසාදිතයින් දෙදෙනා ද වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට අයි.ඞී.එච්.රෝහලට යොමුකර ඇති බවයි එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ සදහන් කළේ.
දැනට මෙරට තුළ කොරෝනා ආසාදනය වූ බවට සැකයෙන් තවත් 114 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.
එමෙන්ම, ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 134 දෙනෙකු අද සිය නිවෙස්වලට පිටත් කර හැරීමට යුද හමුදාව පියවර ගෙන තිබුණා.
මේ අතර, බණ්ඩාරගම - අටලූගම සහ මහනුවර - අකුරණ ප්‍රදේශය තවදුරටත් හුදකලාව තැබීමට පොලීසිය, යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ඒ එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් හමුවීම සහ ඔවුන් එම ගම්මානවල සැරිසරා තිබීම හේතුවෙන්. මීට අමතරව බේරුවල - පන්නිල ප්‍රදේශයට ද පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීමට අවසර ලබාදී නැහැ.
මේ අතර, කොරෝනා වෛරසය පරික්ෂාවට ලක් කරන දිවයිනේ ප්‍රධානතම ආයතනය වන බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කටයුතු සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි අද එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. මේ වනවිට එම රෝහලේ අවස්ථා 3 කදී දෛනිකව පරීක්ෂණ 100 කට ආසන්න සංඛ්‍යාවක් සිදුකරනු ලබනවා.

Latest News
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026
ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4ක්
Local
05 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026