General03 April 2020

රුධිර ප්ලාස්මා ලබාදීමට සුවය ලැබූ තවත් කොරෝනා රෝගීන් 6 දෙනෙකු කැමැත්ත පළ කරයි

කොරෝනා වෛරසය ආසාදනය වී දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකුට සුවය ලැබූ රෝගියෙකුගේ රුධිර ප්ලාස්මා ලබාදීමට කටයුතු කර ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේ මේ වනවිටත් සුවය ලැබූ රෝගීන් දෙදෙනෙකුගේ රුධිර ප්ලාස්මා ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම, සුවය ලැබූ තවත් රෝගීන් 6 දෙනෙකු තම රුධිර ප්ලාස්මා ලබාදීමට කැමැත්ත පළ කර ඇති බව ද ඔහු කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes