කොරෝනා වෛරස් ආසාදිතයන් හඳූනා ගැනීම සඳහා සිදු කෙරෙන පී සී ආර් පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වල සහය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ආසාදිතයන් සංඛ්‍යාත්මකව වැඩි වීමත් සමග පී සී ආර් පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ.
රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන්, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් සහ පරීක්ෂණවලට ලක් කළ යුතු පුද්ගලයන් 800කගේ පමණ සාම්පල රජයේ සෞඛ්‍ය අංශ විසින් එක් දිනකට පරීක්ෂාවට ලක් කරනු ලබනවා.
මෙම පරීක්ෂණ වැඩි කළ යුතු බවයි සෞඛ්‍ය නිලධාරීන්ගේ මතය වී ඇත්තේ.
එමගින් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.
මෙම පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වල සහය ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද පැවැත්වුනේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.
ඊට පෞද්ගලික රෝහල්වල නියෝජිතයන් ද එක්ව සිටියා.
ඔවුන් පෙන්වාදී ඇත්තේ දිනකට එක් රෝහලකින් සාම්පල 100ක් පරීක්ෂා කර වාර්තාවක් ලබාදීමට හැකි බවයි.
ඒ අනුව දිනකට 1000 වැඩි පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කළ හැකි වන අතර එම රෝහල් සමග තවදුරටත් සාකච්ඡා කර කොරෝනා වෛරස් පරීක්ෂණ සඳහා සහය ලබාගැනීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

Latest News
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක
Local
07 September 2026
සක්‍රිය වූ ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි
Local
07 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව
Local
07 September 2026
අමෙරිකානු නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලින් පසු යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි සෙලෙන්ස්කි පවසයි
Local
07 September 2026
ඉරානයේ වැඩි ඉන්ධන භාවිත කරන පාරිභෝගිකයන්ට Gasoline මිල ඉහළ නංවයි
Local
07 September 2026
දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්
Local
07 September 2026
තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි
Local
07 September 2026
පුරාවස්තු සෙවූ පහේ කල්ලිය අත්අඩංගුවට
Local
07 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
07 September 2026
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026