General07 September 2024

ඊශ්‍රායලයට සාත්තු සේවයට මෙරටින් 749ක් පිටත්ව යයි

ඊශ්‍රායල් සාත්තු සේවක ( caregiver ) රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා සිටියේ ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 131 වන කණ්ඩායමට අයත් තවත් 21 දෙනෙකුට වීසා, ගුවන්ටිකට්පත් ඇතුළු ලියකිවිලි භාරදීම ඊයේ (6) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කර ඇති බවය.

එම කණ්ඩායමට තරුණියන් 18 දෙනෙකු හා තරුණයින් 3 ඇතුළත් වේ. මෙම පිරිස මේ මස 9 වෙනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් වලට අනුව ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිවීමේ හැකියාව පවතිනවා.
Related recommendation
Hiru TV News | Programmes