පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයේ පසුගිය දා හමුවූ පාෂාණ කැබලි උල්කාපාත කොටස් බවට වන මතය බැහැර කරන බව ඒ පිළිබදව පරීක්ෂණ පැවැත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනංශය පවසනවා. එහි භූ විද්‍යා අධ්‍යානංශයේ මහාචාර්ය, රෝහණ චන්ද්‍රජිත් පැවසුවේ මෙම පාෂාණ අකුණක් පොළොව මත පතිත වීමෙන් ඇති වූ විපර්යාසයක ප්‍රතිඵලයක් බවයි.
කෙසේ වෙතත් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන් කර තිබුණේ මෙයට ප්‍රතිවිරුද්ධ අදහසක්. මෙම පාෂාණ කොටස් තුළ ඩයටම කාණ්ඩයට අයත් ඇල්ගී විශේෂයේ ජීව කොටස් පොසිලගතව ඇති බව එහි දැක්වුණා. ඒ හේතුවෙන් පෘථිවියෙන් පිටත ජීවය පවතින බවට පළමු පැහැදිලි සාක්ෂිය අරලගංවිලෙන් හමුවූ පාෂාණවල කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වූ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.
මේ අතර එම පාෂාණ කොටස් වැඩිදුර පරීක්ෂාවට ලක් කළ බ්‍රිතාන්‍ය බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරක ජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහද සිදුකළ පරික්ෂණවලදී මේවා උල්කාපාත කොටස් බවට තවදුරටත් තහවුරු වුණා. එමගින් පෘථිවියෙන් පිටත ජීවය පවතින බවට පළමු පැහැදිළි සාක්ෂිය එමගින් අනාවරණය වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත් අරලගංවිල ප්‍රදේශයෙන් හමුවූ පාෂාණ කොටස් පිළිබද කළ පරීක්ෂණය හා එහි නිගමන පිළිබද පැහැදිලි කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත්.
[MP3]s51379_1[/MP3]
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ මහාචාර්යවරයා.
[MP3]s51379_2[/MP3]
මෙම පරීක්ෂණවලින් ලබා ගත් නිගමනවලට අනුව පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයෙන් හමුවූ පාෂාණ තුළ පෘථිවියෙන් පිටත ජීවින් දැක ගත නොහැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේ.
[MP3]s51379_3[/MP3]
Latest News
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී