බොදුබල සේනා හලාල් අත්හරියි.

Monday, 18 March 2013 - 7:36

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%92.

හලාල් පිළිබදව අදින් පසුව තමන් කතා නොකරන බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. බොදුබල සේනා සංවිධානය විසින් මහනුවර දී සංවිධානය කර තිබූ සමුළුවකට ඊයේ එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළෙ තම සංවිධානය කිසිසේත් දේශපාලන අතකොළුවක් නොවන බවයි.

[MP3]s55434_1[/MP3]

මේ අතර, ජාතික සමගිය උදෙසා විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ සිවිල් සංවිධානවල එකමුතුවකින් ඊයේ කොළඹ දී කථිකාවතක් පැවැත්වුවා. එයට එක්වූ      ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර හිමියන් බොදුබල සේනා සංවිධානය පිළිබද පළකළේ මෙවැනි අදහසක්.

[MP3]s55434_2[/MP3]

කෙසේ වෙතත්, බොදුබල සේනා සංවිධානය සඳහන් කරන්නේ අශුද්ධ සංවිධානයක් ලෙස සිය ව්‍යාපාරය හැදින්වීම වැරදි සහගත බවයි. මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.

[MP3]s55434_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories