අධිකරණයට සුදුසු ඇඳුමකින් සැරසී විනීතව පැමිණෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අද (27) තරයේ අවවාද කළා. ඒ, ඇය ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව යළි කැඳවූ අවස්ථාවේදීයි. නඩුවට පෙනී සිටීම සඳහා සැකකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට පැමිණ සිටියේ දිගු කලිසමකින් සහ සිනිඳු උඩුකය ඇඳුමකින් සැරසීගෙනයි.
බොරැල්ල කිංසි පාරේ අංක 175 දරන ස්ථානයේ පිහිටි අදාළ ව්‍යාපාරික ආයතනයට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ එහි හිමිකරුට මෙලෙස තර්ජනය කර තිබුණේ පසුගිය 14 වැනිදායී. පසුව ඇය ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබුණා. අයුතු ලෙස පරිශ්‍රයකට ඇතුළු වී එහි හිමිකරුට පහරදී තර්ජනය කිරීමේ චෝදනා මත අද අධිකරණයේ පෙනී සිටි සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 08 ක් මත මුදාහැරි අතිරේක මහේස්ත්‍රාත්වරිය, නඩුව ලබන ජුලි මස 31 වැනිදා දක්වා කල් තැබීමටයි නියෝග කළේ.
අද දිනයේ නඩුව විභාග කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නඩුවේ පැමිණිලිකරු වන ධම්මික සිරිවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පවිත්‍රිකා ප්‍රනාන්දු.
[MP3]s56068[/MP3]
Latest News
හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා
දකුණු චීන මුහුදේ චීන පාවෙන ව්‍යුහය වහාම ඉවත් කරන්න: පිලිපීනයෙන් දැඩි බලපෑම්!
වැසිකිලියට මුල්ගල තැබීම මට ආඩම්බරයක්.. 76 වසරට කවුරුත් කරලා නෑ - අම්බිකා
කාන්තාර ප්‍රදේශවල 'අතිශය දරුණු ගංවතුර' ඇතිවීමේ අවදානමක් පවතින බවට චීනයෙන් අනතුරු ඇඟවීම්
අමෙරිකා - ඉරාන ගිවිසුම ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමග ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල සීඝ්රයෙන් පහතට
නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙකුට තුවාල
බොර තෙල් මිල පහළට
Sea Master Group ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයක් Wattala හි විවෘත කරයි
''2026දී රුපියල 8%කින් බාල්දු වෙලා.. 2025 දීත් 5.6%කින් බාල්දු වෙලා''- මහ බැංකුව
අල්ලස් DGට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්