General09 May 2013

සෞඛ්‍ය අමාත්‍යාංශය උතුරුමැද ළිං ජලයේ ෆ්ලෝරයිඞ් පරීක්ෂාවක.

අනුරාධපුර, පොළොන්නරුව හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ළිං ජලයේ අඩංගු ෆ්ලෝරයිඞ් මට්ටම පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර ඊට අදාළ උපකරණ බෙදාදීම ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. කරන ලද සමීක්ෂණයකට අනුව පානීය ළිංවල ෆ්ලෝරයිඞ් මට්ටම ඉහළ යාම හේතුවෙන් එම දිස්ත්‍රිික්කවල ජනතාව වැඩි වශයෙන් බෝ නොවන රෝගවලට ගොදුරු වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඒ අනුව හඳුනා නොගත් වකුගඩු රෝගය, මුත්‍රා ආසාදන හා තවත් රෝග කිහිපයකට මෙම ෆ්ලෝරයිඞ් මට්ටම ඉහළ යාම බලපා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ළිං 30 000 ක් අතුරෙන් 8 000 කම ෆ්ලෝරයිඞ් මට්ටම ඉහළ ගොස් ඇති බවට මේ වනවිටත් හඳුනාගෙන තිබෙනවා.

 

මෙම වැඩපිළිවෙල යටතේ පානීය ජලය සඳහා භාවිතයට සුදුසු ළිං හඳුනාගැනීම සිදු කරන අතර එසේ නොවන ළිං පානීය ජලය ලබාගැනීමට සුදුසු නොවන බවට නම් කිරීමද සිදු කෙරෙනු ඇති.

Related recommendation
Hiru TV News | Programmes