General09 May 2013

කූරගල මානව ඇටසැකිලි අන්තර්ජාතික පරීක්ෂණයකට.



බලංගොඩ - කූරගල පුරාවිද්‍යා භූමියෙන් සොයා ගත් බලංගොඩ මානව ඇටසැකිලි සහ මානව අවශේෂ කොටස් කාල නිර්ණය කිරීම සඳහා ඉදිරියේදී අන්තර් ජාතික පරීක්ෂණයකට යොමුකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. පසුගිය අප්‍රේල් මස 25 වැනිදා සිට මෙහි සිදුකළ කැණීම්වලින් ගල් ආයුධ, අස්ථි කොටස් මෙන්ම, මානව ඇටසැකිල්ලක් ද හමුවූ අතර, එය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානව ඇටසැකිල්ලක් බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. එහි කැණීම් නිලධාරි සමන් කුමාර ඇ?ගම කියා සිටියේ මෙම මානව ඇටසැකිල්ල සොයා ගැනීමෙන් පසුව මෙතෙක් සිදුකළ කැණීම් කටයුතු අද (09) සිට පුළුල් කිරීමට තීරණය කළ බවයි.  

 [MP3]s58663[/MP3]

Related recommendation
Hiru TV News | Programmes