මහසෙන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මන්නාරමේ සිට යාපනය හරහා මඩකලපුව දක්වා වූ මුහුදු තීරයේ ධීවර කටයුතු සහ නාවික කටයුතු තවදුරටත් අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මඩකලපුවේ සිට හම්බන්තොට දක්වා වූ මුහුදු තීරයද රළු විය හැකියි.
මේ වනවිට මහසෙන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 650 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතවී ඇති අතර එය උතුරු දෙසින් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි. එහි බලපෑම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල.
[MP3]s58882_1[/MP3]
යාපනය, කිලිනොච්චි, මුලතිව් ඇතුලූ උතුරේ ප්‍රදේශවල අද මිලිමීටර් 200 කට ආසන්න අධික වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසකද තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ.
[MP3]s58882_2[/MP3]
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මේ වනවිට පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් අධික වැසි සහ සුළං තත්ත්වයක් වාර්තාවී ඇති බවයි. මහියංගණය - උල්හිටිය ඔයේ දිය නාමින් සිටි 39 හැවිරිදි දෙදරු මවක්ද කිඹුලෙකු ඩැහැගෙන ගොස් තිබෙනවා. පවතින ආපදා තත්ත්වය පිළිබඳව පැහැදිළි කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියොජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර.
[MP3]s58882_3[/MP3]
Latest News
වාහන අංක තහඩු ගැටලුවට මාස හයකින් විසඳුම්: අලුතින් ලියාපදිංචි කරන වාහනවලට දින 7කින් අංක තහඩු
කුළුගෙඩියෙන් ගසා පිළිස්සූ සිරුර ප්‍රපාතයකට විසි කරලා: බව්ලානේ අභිරහස් ඝාතනයේ සුලමුල හෙළිවෙයි
දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
අස්වැසුම මුදල් වංචාවකට ගුරුවරුන් 6කගේ වැඩ තහනම් කෙරේ
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්
2026 - 27 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත් කෙරේ
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර
බන්ධනාගාර ගැටුමින් මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර මිහිදන් කෙරේ: ගැටුම ගැන ප්‍රකාශ 2,200ක්
ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්