
මහසෙන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මන්නාරමේ සිට යාපනය හරහා මඩකලපුව දක්වා වූ මුහුදු තීරයේ ධීවර කටයුතු සහ නාවික කටයුතු තවදුරටත් අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මඩකලපුවේ සිට හම්බන්තොට දක්වා වූ මුහුදු තීරයද රළු විය හැකියි.
මේ වනවිට මහසෙන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 650 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතවී ඇති අතර එය උතුරු දෙසින් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි. එහි බලපෑම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල.
[MP3]s58882_1[/MP3]
යාපනය, කිලිනොච්චි, මුලතිව් ඇතුලූ උතුරේ ප්‍රදේශවල අද මිලිමීටර් 200 කට ආසන්න අධික වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසකද තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ.
[MP3]s58882_2[/MP3]
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මේ වනවිට පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් අධික වැසි සහ සුළං තත්ත්වයක් වාර්තාවී ඇති බවයි. මහියංගණය - උල්හිටිය ඔයේ දිය නාමින් සිටි 39 හැවිරිදි දෙදරු මවක්ද කිඹුලෙකු ඩැහැගෙන ගොස් තිබෙනවා. පවතින ආපදා තත්ත්වය පිළිබඳව පැහැදිළි කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියොජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර.
[MP3]s58882_3[/MP3]
Latest News
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් පහළට

ට්‍රම්ප්, චාල්ස් රජු හමුවෙයි භෝජන සංග්‍රහයකටත් එක්වෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන ගැටුම අද

විදුලිය අදත් ලෙඩ වෙයි; ගාස්තු සංශෝධනය ගැන අදහස් විමසීම අද පෙරවරුවේ ඇරඹේ

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඉන්දු - පාකිස්ථාන තරගයේ ICC තරග තීරක Andy Pycroft පාකිස්ථාන නායකයාගෙන් සමාව ඉල්ලයි

UAE කණ්ඩායමට ලකුණු 147ක ඉලක්කයක්

ත්‍රිකුණාමලයේ ගොවි බිම් සමාගම්වලට දීලා - විපක්ෂ නායක

හිටපු ඇමති අනුරාධ ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව කෝටි සියයක අපහාස නඩුවක් ගොනුකරයි

උසාවියට ආ නිතීඥවරයා ළඟ ගිනි අවියක්: නඩු අවසන් වනතෙක් අවිය පොලිස් භාරයට
