Sports23 May 2013

රාජස්ථාන් රෝයල්ස්ට කඩුලූ 4 ක ජයක්.


ඉන්දීය ප්‍රිමියර් ලීග්  තරඟාවලියට අදාළව ඊයේ දිනයේදී තවත් එක් තරඟයක් නිමාවට පත්වුණා. ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති තරඟයයි. එම තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලූ 4 කින් ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 132 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි රජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 2 කදී කඩුලූ 6 ක් පමණක් දැවී සිය තරඟය ජයග්‍රහණය කළා.

Related recommendation
Hiru TV News | Programmes