සබරගමුව සරසවියේ ශිෂ්‍ය එකමුතුව කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධිය අසළ අද (01) විරෝධතාවක නිරත වුණා. ඒ සිසුන් 5 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට පාලන අධිකාරිය ගත් තීරණයට විරෝධය පළ කරමින්. ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ශිෂ්‍ය එකමුතුවේ නියෝජිත දිනේෂ් බණ්ඩාර ප්‍රකාශ කළේ තම ශිෂ්‍ය සංගම් නියෝජිතයන් කොළඹ - බදුල්ල මාර්ගය අවහිර වන සේ පඹහින්න මංසන්ධියේ වාඩි වී විරෝධය පළ කරමින් සිටින බවයි.
[MP3]s60085_1[/MP3]
මේ අතර, විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වූ සිසුන් 4 දෙනෙකු මේ වන විට පඹහින්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පඹහින්න මංසන්ධිය අවට පොලිස් නිලධාරීන් රැසක් ද රැදී සිටින බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායකගෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ කළ විමසීමකදී ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.
[MP3]s60085_2[/MP3]
Latest News
ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්: අයෙකු මියගොස් සිව්දෙනෙකුට තුවාල
අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ නිල සංචාරයකට
ජනපති ප්‍රධානත්වයෙන් ජන රැලි දෙකක් අද අනුරාධපුරයේදී
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මැදපෙරදිග යුද්ධය ගැන BRICS රටවලින් දැඩි කනස්සල්ල
අනුරාධපුර අනතුරකින් අයෙක් රෝහලේ
බාගෙට වළ දැමූ මළ සිරුරක් දිවුලපිටියෙන් හමුවෙයි
ජාවා මුහුදේ මගී නෞකාවක් සමග මගීන් 140ක් අතුරුදහන්
එල්නිනෝ බලපෑමෙන් ඇල්ලේගල දිය ඇල්ලත් වේලෙයි