එංගලන්තයේ - කාඩිෆ්හිදී ඊයේ (21) පැවති චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව තරගයේදී කොටි ධජ රැගෙන එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ක්‍රීඩාංගනයට කඩා වැදීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත උපදෙස් ලබා දුන් බවයි. එමෙන්ම, මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ පොලිසියට පැමිණිලි කර ඇති බව ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, ඊයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දීයි එල්.ටී.ටී.ඊ හිතවාදීන් දෙදෙනෙකු කොටි ධඡු ද සමඟ මෙලෙස පළමුවෙන් ක්‍රීඩාංගනයට කඩා වැදුණේ. ඉන් අනතුරුව, කොටි හිතවාදීන් පස් දෙනෙකු පමණ නැවතත් ක්‍රීඩාංගනයට කඩා වැදුණ අතර ඔවුන් ඉවත් කිරීමට ආරක්ෂකයන් පියවර ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැඳී සිටි ක්‍රීඩාගාරයට මීටර් 500 ක් පමණ නුදුරින් කොටි හිතවාදීන් පිරිසක් විරෝධතාවක ද නිරත වුණා. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගත් බස් රථයට නික්මීමට නොදී නතර කරගෙන සිටි බවද සඳහන්. එහෙත්, ඒ සමඟ පැමිණි ඉන්දීය ක්‍රීඩකයන් රැගත් බස් රථයට ඔවුන් පිටත්ව යාමට ඉඩ ලබාදී තිබෙනවා. එම විරෝධතාකරුවන් සිදුකළ ප්‍රකාශවලට ඉන්දීය මාධ්‍ය මගින් අද විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුණා.
කෙසේ වෙතත්, මෙම ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එරට ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. ඊට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
[MP3]s61441[/MP3]
Latest News
කල්පිටියේදී වල්ලමක් පෙරළී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
වසර 27කට පසු බ්‍රිතාන්‍යයට පෙනෙන හොඳම සූර්යග්‍රහණය අද
අක්කරපත්තු ආලයඩිවේම්බු ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරියෙක් අල්ලස් දැලේ
චීනය, ජපානය සහ පිලිපීනයට බලපා ඇති සුළි කුණාටුවෙන් මිලියන ගණනකට පීඩා
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
ජීව උණ්ඩ සමඟ හිටපු යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට
සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට රැගෙන එයි
යෝෂිත රාජපක්ෂ CIDයට පැමිණෙයි
කුඩාවැල්ලේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
උල්කාපාත වර්ෂාවක් අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම දක්වා