හිරු 15 වැනි සංවත්සරයට සමගාමීව හිරු ටී.වී. / හිරු එෆ්.එම්. එක්ව සංවිධාන කරන ටුවර් ඩි හිරු පාපැදි සවාරිය අද (05) ආරම්භ වනවා. දින 02 ක් පුරා අදියර 02 ක් යටතේ පැවැත්වෙන ටුවර් ඩි හිරු පාපැදි සවාරිය මෙරට පාපැදි ඉතිහාසයේ දැවැන්තම තරගාවලියයි.
සමස්ත තරගය කිලෝමීටර් 298 කින් යුක්තයි. ටුවර් ඩි හිරු පළමු අදියර අද උදෑසන 8.30ට ආරම්භ වන්නේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින්. ගාලූ පාර ඔස්සේ දෙහිවල, මොරටුව, පානදුර දක්වා ගමන් කර බණ්ඩාරගම, හොරණ, ඉංඟිරිය, කිරිඇල්ල පසුකරමින් රත්නපුර, පැල්මඩුල්ල නගර හරහා පළමු අදියර වැටී තිබෙනවා. කිලෝමීටර් 137 ක දුරකින් යුක්ත වන මෙම පළමු අදියර නිමා වන්නේ බලංගොඩ ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිටින්.
ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ දෙවන අදියර හෙට උදෑසන 8.30 ට බලංගොඩ බස් නැවතුම්පොලින් ආරම්භ වනවා. එය පැල්මඩුල්ල, රත්නපුර, ඇහැලියගොඩ හරහා අවිස්සාවේල්ල දක්වා ගමන් කර ලෝ-ලෙවල් මාර්ගය ඔස්සේ හංවැල්ල පසුකර කඩුවෙල නගරයට පැමිණ යක්කල, නිට්ටඹුව, අත්තනගල්ල පසුකරමින් කිරිඳිවැලින් අවසන්වනවා. දෙවන අදියරේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 161 ක්.
ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ නීති රීති වලට අනුව මෙවරත් ටුවර් ඩි හිරු සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා පාපැදි අතුරු කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේයී. තරඟය සඳහා බලපත්‍රලාභී තරඟකරුවන් 150 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.
පාපැදි සවාරිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස බවයි ශ්‍රී ලංකා පාපැදි අතුරු කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
[MP3]s62371[/MP3]
ටුවර් ඩි හිරු සැලකෙන්නේ මෙරට පාපැදි වංශ කතාවේ දැවැන්තම මුදල් ත්‍යාගයන් ලබාදෙන පාපැදි සවාරිය ලෙසයි. මෙවර තරගාවලිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 10 කට ආසන්නයි. සමස්ත තරගයේ මුල් ස්ථාන 03 දිනා ගන්නා ජයග්රාහකයින්ට අමතරව, ස්ප්‍රින්ට් ජයග්රාහකයින්ට මෙන්ම කණ්ඩායම් ශූරයින්ටද මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඊට අමතරව කඳු නැගීමේ ශූරයාට සහ වයස අවුරුදු 23 න් පහළ දක්ෂතම ක්රීඩකයාටද මුදල් ත්‍යාග පිරිනමනු ඇති.
මෙරට පාපැදි සවාරි ඉතිහාසයේ දැවැන්තම තරගය වන ටුවර් ඩි හිරු පාපැදි සවාරියේ සජීවි අවස්ථා අද සිට හිරු ටී.වී. තුළින් දැකබලා ගත හැකි වන අතර, හිරු එෆ්.එම්. ඔස්සේ සජීවී විස්තර විචාරයන් අඛණ්ඩව ගෙන එනු ඇති.
Latest News
ජර්මානු Porsche සමාගම සහ ඉන්දියාවේ TCS අතර යුරෝ බිලියන 1.25 ක දැවැන්ත ගිවිසුමක්
300KWට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
කැබිතිගොල්ලෑවේ බිහිසුණු අනතුරක් - බිළිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 579 දක්වා ඉහළට
නේපාලයේ මුදා ගැනීම්වලට සහාය වීමට ලංකාව සූදානම් - ජනපතිගෙන් සටහනක්
මාලිමා රජය යටතේ ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි: විපක්ෂ නායක සජිත්
AI සහායෙන් මොළයේ සැත්කමකට ලක් වූ ලොව පළමු රෝගියා සාර්ථකව සුවය ලබයි
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද
සමාජ මාධ්‍ය හරහා සිසුන්ගේ සහ කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප මිල දී ගැනීම සහ අලෙවි කිරීමේ ජාවාරමක්
නිකිණි පුර පසළොස්වක පොහෝ දින හිරු සීල පාරමිතා වැඩසටහන ඓතිහාසික සෝමාවති රාජමහා විහාරස්ථානයේදී