වැලිවේරිය - නැඳුන්ගමුව කර්මාන්තශාලාව වටකරගෙන ජනතාව මේ වනවිටත් විරෝධතාවයේ නිරත වනවා. මෙම කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරීත්වය නිසා තම ළිං වල ජලය භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පවසමින් ඔවුන් පසුගිය සෙනසුරාදා සිට උද්ඝෝෂණවල නිරත වුණා. රතුපස්වල ඇතුළු ගම්මාන 10 කට බලපෑ ඇති මෙම ගැටළුව හේතුවෙන් ප්‍රදේශවාසීන් නැඳුන්ගමුවේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව වටකරගෙන සිටින්නේ පසුගිය 29 වැනිදා සිටයි. මෙම ගැටළුවට විසඳුම් ලබාදීමට බලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණද ඒවාද අසාර්ථක වුණා. කෙසේ වෙතත්, ඊයේ පොලිසිය මෙම කරුණ අධිකරණය හමුවට ගෙන ගියද අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමේ නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් කියා සිටියේ. ඒ, ප්‍රදේශයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පොලිසිය ප්‍රමාණවත් පරිදි අධිකරණයට කරුණු ඉදිරිපත් නොකළ බව පවසමින්. කෙසේ වෙතත්, අදාළ නඩුව අද දින යළි කැඳවීමට නියමිතයි. මේ අතර, තමන් මුහුණ පා සිටින ගැටළුව සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරතව සිටින ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.
[MP3]s64166_1[/MP3]
ජලය පානයට සුදුසුද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ එහි පී.එච්. අගය අනුවයි. පී.එච්. අගය යනු ජලයේ ආම්ලික සහ භාෂ්මිකතාවයයි. පී.එච්. අගය 6.5 සිට 7.5 දක්වා අතර පවතී නම් එම ජලය පානයට සුදුසු බවයි නිර්දේශ කර ඇත්තේ. 6.5 ට අඩු වුවහොත් එම ජලය ආම්ලික තත්ත්වයට පත්වන අතර, 7.5 ට ඉහළ ගියහොත් භාෂ්මිකතාවයට පත්වනවා. එවැනි ජලය පානයට සුදුසු වන්නේ නැහැ.
මේ අතර, වැලිවේරිය - රතුපස්වල මෙම ගැටළුවට මුහුණ පා සිටින ජනතාව ජීවත්වන ගම්මානවලට ජලයේ පී.එච්. අගය මැනීම සඳහා ජංගම රථ අද සහ හෙට යැවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කරන එම මණ්ඩලයේ රසායනාගාර සේවා ප්‍රධානී එච්.ඒ.කේ.අමරකෝන්.
[MP3]s64166_2[/MP3]
මෙම ගැටලූව පිළිබඳව පසුගිය 25 වැනිදා හිරු රතු මිනිත්තුවෙන් ද හෙළිදරව් කෙරුණු අතර, ඒ පිළිබඳව අවධානය යොමුකළ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අදාළ ගැටලූව සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ද පියවර ගන්නා බවයි.
Latest News
බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සඳහා ඇන්ඩි බර්න්හැම් තරග බිමට
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුලු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 30 වැනිදා
ළමා සාක්ෂිකරුවන්ට අධිකරණයෙන් නව සහනයක්: වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි දෙන්න සැරසෙයි
මැයි මාසයේ උද්ධමනය ඉහළට
“සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’’ එළිදැක්වේ
'ටෝයි ස්ටෝරි 5' බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි - පළමු සති අන්තයේදීම ඩොලර් මිලියන 312ක ආදායමක්
සමහර ගොවි උද්ඝෝෂණ කරන්නේ කසිප්පුකාරයෝ - නි. ඇමති ටී.බී. සරත්
කොටස් වෙළෙඳපොළ ඒකක 107.79 කින් පහළට
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවේ තීන්දුව ඔක්තෝබර් 17 දා
මාදැල් ධීවරයින්, ජනපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක