තම නිෂ්පාදන සියයට සියයක්ම පරිභෝජනයට සුදුසු බවට ෆොන්ටෙරා සමාගම විසින් පළකරන වෙළඳ දැන්වීම් ලබන 21 වැනිදා දක්වා ප්‍රචාරණය වලක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, මාතලේ ප්‍රදේශයේ පදිංචි කමල් සාලිය සමරසිංහ නැමති පුද්ගලයෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැළකිල්ලට ගනිමින්.
එහෙත් ෆොන්ටෙරා සමාගම පවසන්නේ ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාගාර මගින් සිය නිෂ්පාදන තත්ත්ව පරීක්ෂාවට ලක් කළ අතර එමගින් එහි ඞී සී ඞී හෙවත් ඩයිසයිනමයිඞ් අඩංගු බවට සොයාගැනීමට නොහැකි වූ බවයි.
මෙම ආයතනයේ ඇතැම් කිරිපිටි නිෂ්පාදනවල සිරුරට අහිතකර ඞී සී ඞී හෙවත් ඩයිසයිනමයිඞ් රසායනිකය අඩංගු බවට කාර්මික තාක්ෂණික ආයතනය පසුගියදා නිකුත් කළ වාර්තාව පදනම් කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව එම අමාත්‍යාංශය සඳහන් කළේ ෆොන්ටෙරා සමාගම, මැලිබන් කිරි නිෂ්පාදන සමාගම මෙන්ම පී.එම්. මොහොමඞ් අලි සහ සමාගම ගෙන්වන ඇතැම් කිරිපිටි නිෂ්පාදනයන්හි ඞී සී ඞී හෙවත් ඩයසයිනමයිඞ් අඩංගු බවයි. ඒ හේතුවෙන් එම සමාගම්වල ඇතැම් කිරිපිටි තොග වහාම වෙළඳපලෙන් ඉවත්කරගන්නා ලෙසද අදාළ වෙළඳ සමාගම් වෙත දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනයෙන් සඳහන් කළේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී මැලිබන් කිරි පුද්ගලික සමාගමේ නිෂ්පාදන කළමනාකාරිනී තේජා ගුණවර්ධන ප්‍රකාශ කළේ කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්තා පමණක් පදනම් කරගෙන මෙවැනි තීරණයකට එළඹිය නොහැකි බවයි.
[MP3]s64685_1[/MP3]
ෆොන්ටෙරා සමාගමද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම සමාගමේ විද්‍යා නියාමන කටයුතු පිළිබඳ සහය අධ්‍යක්‍ෂ ආචාර්ය සනත් මහවිතානගේ සඳහන් කළේ කාර්මික තාක්ෂණික ආයතනයේ මෙම වාර්තාව තවදුරටත් විශ්ලේෂණය කළ යුතු බවයි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයට අනුව සිය නිෂ්පාදන කාණ්ඩ දෙකක් වෙළඳපලෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ඔහු සඳහන් කළා.
[MP3]s64685_2[/MP3]
මේ අතර කාර්මික තාක්ෂණික ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඞී.සී.ඞී. හෙවත් ඩයිසයිනමයිඞ් රසායනිකය සම්බන්ධයෙන් අවශ්‍ය පරික්ෂණ සිදු කිරීමට සිය ආයතනය සතුව උපරිම තාක්ෂණික පහසුකම් සහ විශේෂඥ දැනුම පවතින බවයි. එමෙන්ම සිදුකරන සියලූ පරීක්ෂණවල වාර්තාවන්හි ගුණාත්මක භාවය සහ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් පෙනී සිටින බවද කාර්මික තාක්ෂණ ආයතනය සිය නිවේදනය මගින් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේ දේශීය වශයෙන් සිදුකරන ලද පරීක්ෂණ තවදුරටත් තහවරුැ කරගැනීම සඳහා මේ පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක්ද සිදුකර ඇති බවයි. එම පරීක්ෂණවලට අනුව අදාල පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.
[MP3]s64685_3[/MP3]
මේ අතර මව්බිම ලංකා පදනම අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීද ඞී සී ඞී හෙවත් ඩයිසයිනමයිඞ් අඩංගු කිරිපිටි වර්ග සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ වෛද්‍ය වසන්ත බණ්ඩාර.
[MP3]s64685_4[/MP3]
මේ අතර ඞී සී ඞී හෙවත් ඩයිසයිනමයිඞ් රසායනිකය යනු කුමක්ද යන්න සහ එමගින් මිනිස් සිරුරට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගෙන්.
[MP3]s64685_5[/MP3]
Latest News
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්
සවුත්හැම්ප්ටන් වරායේ ප්‍රබල ගින්නක්: ඩොලර් මිලියනයකට වඩා වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථ රැසක් විනාශයි