General19 August 2013

ජනපති බෙලරූස් රාජ්‍යයේ සංචාරයක.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ මස අවසානයේ බෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ, අගෝස්තු 26 වැනිදා ඇරඹෙන ශ්‍රී ලංකා - බෙලරූස් ව්‍යාපාරික සමුළුවකට සහභාගිවීම සඳහායි.  ජනාධිපතිවරයා සමග ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක්ද මෙම සංචාරයට සහභාගි වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර බෙලරූස් වානිජ මණ්ඩලය පවසන්නේ දින 3 ක් පුරා පැවැත්වෙන මෙම සමුළුව දෙරටේම ආර්ථික ප්‍රගතියට ඉවහල්වන සුවිශේෂ සමුළුවක් වනු ඇති බවයි. කෘෂිකර්මාන්තය, සංචාරක, නාවික, ඇඟළුම්, කර්මාන්ත යන ක්ෂේත්‍ර ඔස්සේ මෙම ව්‍යාපාරික සමුළුව පැවැත්වීමට කටයුතු කර ඇති බවයි බෙලරූස් වානිජ මණ්ඩලය පවසන්නේ. බෙලරූස් රාජ්‍යය පැරණි සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන්වූ නැගෙනහිර යුරෝපීය රාජ්‍යයක් වනවා.

Related recommendation
Hiru TV News | Programmes