ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුන් දින නිල චාරිකාවක් සඳහා අද උදෑසන බෙලරුස් රාජ්‍යය බලා පිටත්ව ගියා. ජනාධිපතිවරයා එහිදී එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ සහ අග්‍රාමාත්‍ය මිඛායිල් මයස්නිකොවිච් ඇතුළු රාජ්‍ය නියෝජිතයන් රැසක් සමග සාකච්ඡා පවත්වනු ඇති. බෙලරුස් රාජ්‍යයේ පැවැත්වෙන ව්‍යාපාරික සංසදයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පිරිසක්ද මෙම චාරිකාවට එක්ව සිටිනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බෙලරුස් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මෙම ව්‍යාපාරික සංසදය ඇමතීමට නියමිතයි.
මේ අතර ජනාධිපතිවරයාගේ චාරිකාවේදී දෙරට අතර වෙළඳ සහ ආර්ථික සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමක් මෙන්ම, සාපරාධි කාරණාවලදී අන්‍යනෝන්‍ය සහයෝගීතාව දැක්වීම සඳහා ගිවිසුමක් ද අත්සන් තබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ බෙලරුස් රාජ්‍යය 1990 වසරේ සිට ස්වාධීන රටක් ලෙස කටයුතු කරනවා. පැරණි සෝවියට් සංගමයේ රාජ්‍යයන් අතුරෙන් ධනවත්ම රට වන්නේද බෙලරුස් ජනරජයයි.
බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරය සඳහා පිටත්ව යාමට පෙර ජනාධිපතිවරයා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වුණා. මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂනය කරමින් ගමන් කළ ජනාධිපතිවරයා මුතුරාජවෙල ප්‍රදේශයේදී පා ගමනින් ගොස් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4 කින්ද සමන්විත මෙම අධිවේගී මාර්ගයේ දුර කිලෝමීටර් 26ක්. ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කිරීමට සැළසුම් කර ඇති අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමග විනාඩි 20 කින් කොළඹ සිට කටුනායක දක්වා ගමන් කිරීමේ අවස්ථාව ලැබෙනු ඇති.
Latest News
ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමඟ අයෙක් CID අත්අඩංගුවට
පොලිසිය වෙඩි තැබූ අණ නොතැකූ වෑන් රථය ගැන තොරතුරු රැසක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
කසකස්තානයේ එලේනා රිබාකිනා ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 01ට පිවිසෙයි
සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
කෝවිල ඉදිරිපිට සුදු ඉරේදී හැපුණු ජීවිතය- ත්‍රිරෝද රථයත් එක්ක රියදුරු අතුරුදන්
AI සංවර්ධනයේ වේගය අඩු කර දැඩි අධීක්ෂණයකට ලක් කළ යුතුයි – Anthropic ප්‍රධානියා
"තට්ටු තුනේ ගෙවල් හැදුව ඩොටේ හිටපු ලාල්කාන්ත කළු රාජ්‍යයට අයිති නැද්ද?" – පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
ගම්පහ අස්ගිරියේදී අණ නොතැකූ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි