දෙමළ, මුස්ලිම්, සිංහල ආදී ජාතිභේදවාදී දේශපාලන පක්ෂ තහනම් කිරීමට ආණ්ඩුව නීතියක් ගෙන ආ යුතු බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදියි.
ඔහු මෙහිදී සදහන් කළේ විදේශවල සිටින එල්.ටී.ටී.ඊ, හිතවාදීන් කොටස් 4කට බෙදී ඇති බවයි. මෙවර දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එකල දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වඩුක්කෝඬේ හිදී ඉදිරිපත් කළ ප්‍රකාශයට බෙහෙවින් සමාන බව ද මහාචාර්ය රොහාන් ගුණරත්න සදහන් කළා.
[MP3]s66654_1[/MP3]
සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිභේදවාදී ලෙස දේශපාලන සංවිධාන ක්‍රියාත්මකවීම තහනම් කළ යුතු බව ද ඔහු සදහන් කළා.
[MP3]s66654_2[/MP3]
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා. ඇය සමූල ඝාතන මෙන්ම යුධ අපරාධ යන වචන භාවිත නොකිරීම පිළිබද දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදී සමීක්ෂණ පිළිබඳ ආර්.එස්.අයි.එස්. ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය රොහාන් ගුණරත්න දැක්වූයේ ප්‍රසාදජනක හැගීමක්.
[MP3]s66654_3[/MP3]
Latest News
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී