General26 September 2013

වීඩියෝ : ලෝකයේ විරල නිවුන් දරු උපතක් දඹුල්ලෙන්.



ලෝකයේ දක්නට ලැබෙන විරල ගණයේ නිවුන් දරු උපතක් දඹුල්ල රෝහලෙන් අද (26|) වාර්තා වුණා. මව් කුසකින් නිවුන් දරුවන් බිහිවීම සාමාන්‍ය සිදුවීමක් වූවත්, එක් මව් කුසක ගර්භාෂ දෙකකින් නිවුන් දරුවන් බිහිවීම දුර්ලභ සිදුවීමක්. දඹුල්ල - කුඹුක්කදන්වල ගම්මානයේ පදිංචි 20 හැවිරිදි දිලීකා ප්‍රියදර්ශනී මෙලෙස අද බිහි කළේ නිවුන් ගැහැණු දරුවන්. මෙය ඇයගේ පළමු දරු ප්‍රසූතියද වනවා. සිසේරියන් සැත්කමක් මගින් මෙම දරු උපත සිදුකළේ දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසූරිය ඇතුළු කණ්ඩායමයි. වෛද්‍යවරයා කියා සිටියේ මෙම දරුවන් දෙදෙනා හා මව සුවෙන් සිටින බවයි.

[JPG]68059_1[/JPG]

[JPG]68059_2[/JPG]

[JPG]68059_3[/JPG]

[JPG]68059_4[/JPG]

[JPG]68059_5[/JPG]

[JPG]68059_6[/JPG]

Related recommendation
Hiru TV News | Programmes