General02 October 2013

අන්‍යාගම්කරණයේ යෙදුණු කාන්තාවන් තිදෙනෙක් දෑත් බැඳ පොලිසියට.

අතුරුගිරිය ප්‍රදේශයේ අන්‍යාගමිකකරණයේ යෙදුණු කාන්තාවන් 03 දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් දෑත් බැඳ පොලිසියට අද (02) භාරදෙනු ලැබුවා. ඔවුන් ගම්වැසියන් විසින් අල්ලාගෙන ඇත්තේ අතුරුගිරිය - ගල්පොත්ත පාර ප්‍රදේශයේදීයි. මෙම කාන්තාවන් මීට පෙර අවස්ථා කිහිපයකදී අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශයේ අන්‍යාගමිකකරණයේ යෙදී තිබෙනවා. එහිදී ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ට අවවාද කර ඇත්තේ යළි මෙම ප්‍රදේශයට නොපැමිණෙන ලෙසයි. එහෙත් අද (02) දිනයේත් එම කාන්තාවන් අතුරුගිරිය ප්‍රදේශයට පැමිණීමත් සමග ප්‍රදේශවාසීන් අතුරුගිරිය - ගල්පොත්ත පාර, ශ්‍රී ධම්ම විජිතාශ්‍රම විහාරවාසී හිමියන් සමග පැමිණ මෙම කාන්තාවන් අල්ලා අත් බැඳ පොලිසියට භාර දී තිබෙනවා.

 

ප්‍රදේශවාසීන් විසින් අල්ලාගත් කාන්තාවන් 03 දෙනාගෙන් දෙදෙනෙකු අතුරුගිරිය - සඳසිරිපුර පදිංචිකරුවන්. අනෙක් කාන්තාව දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරියක්. මොවුන් තිදෙනාම වයස අවුරුදු 50 ඉක්ම වූ කාන්තාවන් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

 

අන්‍යාගමිකකරණය පිළිබඳව සිදුවීම් විටින් විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා. මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා සියළු පාර්ශවයන්ගේ අදහස් ලබා ගනිමින් ඉදිරියේදී කටයුතු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ සඳහන් කළා.

Related recommendation
Hiru TV News | Programmes