General13 October 2013

පොදුරද මඩුලූ සමුළුවට සහභාගිවීමට ඉන්දියාවෙන් කරුණු දෙකක්.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය සහභාගීත්වය තීරණය කිරීමට කරුණු දෙකක් හේතුවන බව ඉන්දීය මධ්‍යම රජයේ නාවික අමාත්‍ය ජී.කේ. වාසන් පවසනවා. ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දියාව සහභාගිවීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත රජය දක්වන ප්‍රතිචාරය සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සුභ සාධනය පිළිබඳ ශ්‍රී ලංකා රජය ගෙන ඇති ප්‍රායෝගික ක්‍රියාමාර්ග යන කරුණු දෙකයි.  

පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවුණා. එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට දෙමළ ජනතාවගේ සුබසාධනය ඇතුලූ රාජතාන්ත්‍රික වශයෙන් මෙරටට වැදගත්වන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකර තිබුණා. ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දීය මධ්‍යම රජය වෙත වාර්තා කළ නිගමනයන් පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව ජී.කේ. වාසන් පවසා තිබෙනවා. විශේෂයෙන් ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පසුවන ස්ථාවරය පිළිබඳවද සාධනීය තත්ත්වයක් පෙන්නුම් කෙරෙන බවයි ඔහු පවසා ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes