කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහභාගි නොවන බවට ඉන්දියාව ඊයේ (18) තවත් ඉඟියක් පළ කළා. ඉන්දීය රජයේ විදේශ කටයුතු ලේකම් සුජාතා සිං ප්‍රකාශ කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන ලෙස ලක් රජය ආරාධනා කර ඇති අතර ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. සමුළුවට ආසන්න දිනයකදී එම තීරණය ගනු ලබන අතර එහිදී ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර වගකීම් සහ ජාතික අවශ්‍යතාවන් සැලකිල්ලට ගනු ලබන බව ඇය සදහන් කළා.
නවදිල්ලියේ දී වාර්තාකරුවන් අමතමින් ඉන්දීය විදේශ ලේකම්වරිය තවදුරටත් කියා සිටියේ විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්තියේ දිගුවක් බවයි. මේ නිසා දේශීය ප්‍රතිපත්ති සහ අවශ්‍යතාවන් සුරකිමින් විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර වගකීම් සැලකිල්ලට ගෙන එම තීරණය ගනු ලබන බව ඇය සදහන් කළා. ඇගේ ප්‍රකාශයෙන් අවධාරණය කර ඇත්තේ තමිල්නාඩුවෙන් එල්ල වන බලපෑම්වලට ඉන්දීය රජය අවනත වීම බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි නොවන ලෙස බලකිරීම සදහා උපවාසයක් පැවැත්වීමට පොලීසියේ අවසරය ඉල්ලමින් තමිල්නාඩු වැසියෙකු මදුරාසි මහාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. අධිකරණය ඊයේ (18) ප්‍රකාශ කළේ ඒ පිළිබදව ලබන ඔක්තෝම්බර් 22 වන දා සලකා බලන බවයි.
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ඉන්දියාවේ සහභාගීත්වය සම්බන්ධයෙන් ද තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ අතර තරගයක් ඇති වී තිබෙනවා. කොංග්රස් සහායක පක්ෂය වන ඞී.එම්.කේ. පක්ෂ නායක කරුණානිධි මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාට ලිපියක් යොමු කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ හැගීම් සැලකිල්ලට ගෙන සිය තීරණය ගන්නා බවයි. තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ද මෙවැනි ඉල්ලීමක් කර තිබූ අතර ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ සහභාගිවීම අවිනිශ්චිතවීමෙන් ඇය සිය සටන් පාඨය වෙනස් කර තිබෙනවා. ඒ ඉන්දියාව කිසිදු මට්ටමකින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බව පවසමින්.
මේ අතර, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ඊයේ (18) යළි අවධාරණය කළේ ශ්‍රී ලංකාවට මානව හිමිකම් පිළිබද චෝදනා එල්ල වුවද නවසීලන්තය අනිවාර්යෙන්ම සමුළුවට සහභාගි වන බවයි. මෙය ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සපයන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවයි. මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ගෙන අප මෙම සමුළුව වර්ජනය කරන්නේ නම් ආසියා පැසිෆික් ආර්ථික සමුළුව ඇතුළු නැගෙනහිර ආසියානු සමුළු රැසකට සහභාගි නොවිය යුතු බවයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ප්‍රකාශ කළේ. එහිදී ඔහු සදහන් කළ ඒපෙක් සමුළුවට ඇමරිකාව ද එක්වනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට නම් සමුළුවට සහභාගිවීම වැදගත් වන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා අනෙකුත් ලෝක නායකයන්ගෙන් ද ඉල්ලීමක් කළා.
යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 19 සෙනසුරාදා- පෙරවරු 8:01
-------------------------------------------------------------------
ලංකාවට කවුරුත් යා යුතු නැහැ. - ජයලලිතා මන්මෝහන්ට කියයි.
ලබන මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඉන්දියාව විසින් වර්ජනය කළ යුතු බව තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් පවසනවා. මෙරට දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වන බව පවසමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත යොමුකළ ලිපියකින්. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ඉන්දියාව කිසිදු මට්ටමකින් හෝ සහභාගි නොවිය යුතු බවයි ඇය සඳහන් කර ඇත්තේ. එවැනි පියවරකින් පමණක් ශ්‍රී ලංකාවට එරෙහි විරෝධය ප්‍රදර්ශනය කළ හැකි බව ජයලලිතා තවදුරටත් පවසා තිබෙනවා. පක්ෂ භේදයකින් තොරව තමිල්නාඩුවේ පොදුමතය වී ඇත්තේ ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව ඉන්දියාව විසින් වර්ජනය කළ යුතුය යන්නයි ජයලලිතා සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව වර්ජනය කිරීම සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්ගේ තීරණය ද ඇය මෙහිදී සිහිපත් කළා.
තමිල්නාඩුවේ කොංග්රස් සහායක පක්ෂය වන ඞී.එම්.කේ පක්ෂ නායක කරුණානිධි වෙත ලිපියක් යොමුකළ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ප්‍රකාශ කර තිබුණේ සමුළුවට සහභාගිවීමේ සිය තීරණය ගනු ලබන්නේ තමිල්නාඩු දෙමළ ජනතාවගේ හැඟීම් සලකා බැලීමෙන් අනතුරුව බවයි.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙනුවට එරට උප ජනාධිපති හමීඞ් අන්සාරි එළඹෙන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට බොහෝ දුරට සහභාගි වීමට ඉඩ ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත පවසනවා. එම පුවත්පතේ ඊයේ වාර්තා කර තිබුණේ බොහෝදුරට මන්මෝහන් සිං රාජ්‍ය නායක සමුළුවට එක් නොවනු ඇති බවයි. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී තිබුණේ ඉන්දීය දේශපාලනඥයින්ගෙන් එල්ලවන දැඩි විරෝධතායි. 2011 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ඉන්දීය ධුත පිරිසේ නායකයා වූයේද ඉන්දීය උප ජනාධිපතිවරයායි.
පෙර පුවත 2013 ඔක්තෝබර් 18 සිකුරාදා- පෙරවරු 07:52
-----------------------------------------------------------
කොළඹ ගමනට මන්මෝහන් වෙනුවට උප ජනපති.
ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙනුවට එරට උප ජනාධිපති හමීඞ් අන්සාරි එළඹෙන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට බොහෝ දුරට සහභාගි වීමට ඉඩ ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත පවසනවා. එම පුවත්පතේ අද වාර්තා කර තිබුණේ බොහෝදුරට මන්මෝහන් සිං රාජ්‍ය නායක සමුළුවට එක් නොවනු ඇති බවයි. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී තිබුණේ ඉන්දීය දේශපාලනඥයින්ගෙන් එල්ලවන දැඩි විරෝධතායි.
2011 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ඉන්දීය ධුත පිරිසේ නායකයා වූයේද ඉන්දීය උප ජනාධිපතිවරයායි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් පැමිණෙන බව මේ වනවිටත් සනාථ කර අවසන්.
පෙර පුවත 2013 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා- පස්වරු 07:31
-----------------------------------------------------------------
තමිල්නාඩුවේ හැඟීම් අනුව ශ්‍රී ලංකා ගමන තීරණය කරනවා. - මන්මෝහන්.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම තමිල්නාඩු ජනතාවගේ හැගීම්වලට අනුව තීරණය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පවසනවා. එම සමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඞී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි වෙත ලිපියක් යොමු කරමිනුයි මේ බව සදහන් කර ඇත්තේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සමුළුවට සහභාගි නොවිය යුතු බව ප්‍රකාශ කරමින් මේ වන විට චෙන්නායි නුවර උපවාසයක් ද අරඹා තිබෙනවා. තමිල්නාඩු දෙමළ ජාතික නිදහස් සංගමයේ ලේකම් ත්යාගූ විසින් මෙම උපවාසය අරඹන ලද්දේ පසුගිය ඉරිදායි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, කරුණානිධි වෙත යොමු කළ ලිපියේ සඳහන් කර ඇත්තේ මෙම උපවාසය නතර කිරීමට පියවර ගන්නා ලෙසයි. එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තමිල්නාඩු බලධාරීන් සමග සාකච්ඡා කරන බව ද එම ලිපියේ සදහන් වනවා.
පෙර පුවත 2013 ඔක්තෝබර් 14 සඳුදා- පෙරවරු 8:13
-----------------------------------------------------------------------
පොදුරද සමුළුවට පැමිණීමට මන්මෝහන්ට තවත් බාධක දෙකක්.
පෙර පුවත 2013 ඔක්තෝබර් 14 සඳුදා- පස්වරු 12:43
ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංට එළඹෙන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා තවත් බාධක දෙකක් ඉදිරිපත්ව තිබෙනවා. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙම සමුළුවට එක් නොවන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය භාර අමාත්‍ය වී.නාරායන්ස්වාමි සහ නාවික අමාත්‍ය ජී.කේ.වාසන් දැනුම්දී ඇති බවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන ලෙස මීට පෙර තමිල්නාඩු දේශපාලඥයින් ද ප්‍රකාශ කර තිබුණා. ඔවුන් අතර තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් සහ හිටපු මහඇමති එම්.කරුණානිධි වනවා. ඊට අමතරව මේ වනවිට, කොංග්රස් පක්ෂයේ ඇතැම් සාමාජිකයින් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙම සමුළුවට එක් නොවන ලෙස බලපෑම් එල්ල කරන බවයි හින්දු ස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ.
2014 වසරේදී ඉන්දීය මහමැතිවරණයට මෙම තත්ත්වය බලපානු ඇති බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ. මන්මෝහන් සිං පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වුවහොත් එය මැතිවරණ වේදිකාවේ විපක්ෂයේ මාතෘකාවක් විය හැකි බවද මෙම පිරිස් පෙන්වා දෙනවා.
Latest News
අමෙරිකානු සැමියාගෙන් මල් කැකුළු දෙකක් පැහැරගෙන බ්‍රිතාන්‍යයේ සැඟවිලා: ශ්‍රී ලාංකික කතක් සෙවීමට බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් නියෝග
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහයට හිටපු ජනාධිපති රනිල්ගෙන් අවසන් ගෞරව
ඩෙංගු මරණවලින් සියයට 70ක් කාන්තාවන්
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්
හිරු මෙගා බ්ලාස්ට් සාංවත්සරික ප්‍රසංගය සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද අති සාර්ථකව නිමා වෙයි
මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිස් වෙඩි තැබීමක්: එක් අයෙකුට තුවාල
රත්මලාන නිවාස සංකීර්ණයක ගින්නක්
මත්ද්‍රව්‍ය තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
ප්‍රදේශ කිහිපයකට වැසි
ජෝර්දානයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට