කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගත වූ පැය 13 ක කාලය තුළ වාහන 11,000 ක්, ගමන් කර ඇති අතර, එමගින් ලැබූ ආදායම රුපියල් මිලියන 3 කට ආසන්න බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි අධිවේගී මාර්ග මෙහෙයුම් හා අධීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආර්.ඒ.ඩී.කහටපිටිය සදහන් කළේ ඊයේ (27) පස්වරු 6 සිට මෙම අධිවේගී මාර්ගය වාහන ගමනාගමනය සදහා විවෘත කෙරුණු බවයි.
මේ අතර, මාර්ග අංක 187 ගුවන්තොටුපල - කොටුව සුඛෝපභෝගි බස් රථ සේවකයන්ගෙන් මැසිවිල්ලක් එල්ල වනවා. ඒ අධිවේගී මාර්ගයට යොදා ඇති මගී බස් රථ හේතුවෙන් තම ආදායම සීමා වී ඇති බව පවසමින්. මෙම මාර්ගයෙහි බස් රථ 80ක් පමණ දැනට ධාවනය වන බවයි එම බස් සේවකයන් පවසන්නේ.
යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 28 සඳුදා- පස්වරු 12.49
------------------------------------------------------------------------------------
පෙර පුවත 2013 ඔක්තෝබර් 28 සඳුදා- පෙරවරු 9:01
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සේවාව ඇරඹේ.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක ගුවන් තොටුපල සහ කොළඹ කොටුව අතර සුඛෝපභෝගී නව බස් රථ සේවාව අද උදෑසන 7 ට කටුනායක ගුවන් තොටුපලේ මගී පර්යන්තය අසලින් ආරම්භ වුණා. කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 13ක් අද සිට ධාවනයේ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබෙනවා. ඒ අනුව කොළඹ සිට ජාඇල දක්වා රුපියල් 100 ක මුදලකුත් කොළඹ සිට කටුනායක දක්වා රුපියල් 130 කුත් අය කෙරෙනවා. මීට අමතරව කොළඹ සිට මීගමුව දක්වා රුපියල් 150 ක මුදලක් අය කිරීමට තීරණය කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.
යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 28 සඳුදා- පෙරවරු 9:01
------------------------------------------------------------------------------------
පෙර පුවත 2013 ඔක්තෝබර් 28 සඳුදා- පෙරවරු 7:33
අධිවේගයේ පළමු පැයේ වාහන 3 000 ක්.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඊයේ පස්වරු 6 සිට මහජනතාවට විවෘත කිරීමෙන් පසු පළමු පැය තුළදී පමණක් රථවාහන 3 000 ක් එම මාර්ගයේ ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් හා අධීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආර්.ඒ.ඞී. කහටපිටිය ප්‍රකාශ කළේ එම කාලසීමාව තුළ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් ලක්ෂ 8 ඉක්මවා ඇති බවයි.
මේ අතර කොළඹ - කටුනායක අධිවේගි මාර්ගයේ මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 13ක් අද සිට ධාවනයේ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. එමෙන්ම ඊට අදාළ ගමන් ගාස්තුව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කොළඹ සිට ජාඇල දක්වා රුපියල් 100 ක මුදලකුත් කොළඹ සිට කටුනායක දක්වා රුපියල් 130 කුත් අය කෙරෙනවා. මීට අමතරව කොළඹ සිට මීගමුව දක්වා රුපියල් 150 ක මුදලක් අය කිරීමට තීරණය කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.
යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 28 සඳුදා- පෙරවරු 7:33
------------------------------------------------------------------------------------
පෙර පුවත 2013 ඔක්තෝබර් 27 ඉරිදා- පස්වරු 6:57
පිටරටින් එන හොඳ දේ පමණක් තෝරා ගන්න. - ජනපති.
පිටරටින් එන හොඳ දේ තෝරාගෙන නරක දේ අත හැරීම ජනතාවගේ වගකීමක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මෙරට ඉදිවූ දෙවන අධිවේගී මාර්ගය වන ආශ්චර්යේ විහිදුම් සේලය කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට අද (27) එක්වෙමින්. උදෑසන 9.45ට යෙදුණු සුබ මොහොතින් නව කැළණි පාලම පිවිසුමේ ස්ථාපිත කර තිබූ සමරු ඵලකය නිරාවරණ කරමින් ජනාධිපතිවරයා, කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කළා. අනතුරුව පෑලියගොඩ සිට සීදුව මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ජනාධිපති ආර්යාව සමඟ ජනාධිපතිවරයා පැමිණියේ සිය මෝටර් රථයෙන්.
සීදුවේ පිහිටුවා තිබෙන මුදල් ගෙවන ස්ථානයට මුදල් ගෙවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සීදුවේ ස්ථාපිත කර ඇති අධිවේගී මාර්ගයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ළඟා වුණා. එහි පිහිටුවා තිබෙන අධිවේගී මාර්ගයේ සීසී ටීවී කැමරා පද්ධති නිරීක්ෂණය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම මධ්‍යස්ථානය වෙත පැමිණි ප්‍රථම දුරකථන ඇමතුම ද ලබා ගත්තා. පසුව කටුනායක අන්තර් හුවමාරු මධ්‍යස්ථානය වෙත ගමන් කළ ජනාධිපතිවරයාව පිළිගන්නා ලද්දේ පාසල් සිසුන් විසින්. එහිදී ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අධිවේගී මාර්ගය ඔස්සේ ජාඇල නගර සභා ක්‍රීඩාංගණය වෙත පැමිණ එහි සංවිධාන කර තිබූ ජන හමුවට එක්වුණා. මෙහිදී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කළා. එහි මුල් පිටපත පිළිගැන්වූයේ ජනාධිපතිවරයා වෙතයි.
චීන ආධාර යටතේ රුපියල් බිලියන 45ක පමණ මුදලක් වැය කර අද විවෘත කෙරුණු කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ දිග කිලෝමීටර් 26කට ආසන්නයි. මිනිත්තු 20ක පමණ කාලයකින් ගමනාන්තයන් වෙත ළඟාවීමට හැකියාව ඇති මෙම අධිවේගී මාර්ගය මං තීරු 6කින් සහ 4කින් යුක්ත වනවා. නව කැළණි පාළම පිවිසුමෙන් මෙන්ම තොරණ හන්දියෙන් සහ පෑලියගොඩ මාළු වෙළදසැල අසළින් පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය වෙත පැමිණිය හැකියි. මීට අමතරව ජාඇල, කටුනායක ගුවන්තොටුපළ අන්තර් හුවමාරු මධ්‍යස්ථා වෙතින් ද අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ග සකස් කර තිබෙනවා. අද (27) පස්වරු 6 සිට අධිවේගී මාර්ගය ජනතාවට විවෘත කර ඇති බවයි මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
අද (27) පස්වරුවේ අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීම සඳහා එහි පිවිසුම ආසන්නයේ දිගු වාහන පෝළිම් දක්නට ලැබෙන බවයි එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ.
යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 27 ඉරිදා- පස්වරු 6:57
------------------------------------------------------------------------------------
පෙර පුවත 2013 ඔක්තෝබර් 27 ඉරිදා- පස්වරු 12.58
කොළඹ - කටුනායක අධිවේගී මඟ ජනතා අයිතියට.
ශ්‍රී ලංකාවේ දෙවන අධිවේගී මාර්ගය වන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (27) පෙරවරුවේ විවෘත කෙරුණා. මෙම මාර්ගය සඳහා වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350 ක්. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 04 කින් සමන්විත මෙම මාර්ගයේ දිග කිලෝමීටර් 25.8 ක් වනවා. මෙහි ඉදිකිරීම් කටයුතු 2009 වර්ෂයේදී ආරම්භ වුණු අතර මෙමඟින් කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹට යෑමට ගතවන කාලය විනාඩි 20 ක් පමණක් බවයි මහා මාර්ග අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පෑලියගොඩ ප්‍රවේශයෙන් අධිවේගී මාර්ගය විවෘත කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුව ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සමග එම මාර්ගයේ ගමන් කළා. ඒ, තමන් විසින්ම ජීප් රථය පදවාගෙන යමින්. අනතුරුව අධිවේගී මාර්ගයේ සී සී ටී වී කැමරා පද්ධතිය ඇතුලූ ප්‍රධාන මෙහෙයුම් කටයුතු සිදුවන මෙහෙයුම් මැදිරිය ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කළා. පසුව කටුනායක අන්තර් පිවිසුම වෙත ගමන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහා සඟරුවන ඇතුලූ සර්වාගමික පූජකවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේයි ජාඇල පැවැත්වෙන ජන හමුව වෙත පැමිණියේ. පාසල් 25 ක තූර්ය වාදක කණ්ඩායම් එහිදී ජනාධිපතිවරයා වෙත සිය උත්තමාචාර පුද කළා.
අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු පැවැත්වෙන ජන හමුව මේ වනවිට ජාඇලදී ආරම්භ වී තිබෙනවා. ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය අමතමින් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ වත්මන් රජය දීර්ඝකාලීන සැලසුම් මත රටේ සංවර්ධනය සිදුකරන බවයි.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම සනිටුහන් කරමින් රුපියල් 5 ක විශේෂ මුද්දරයක් සහ සමරු කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදුවුණා.
[JPG]70113_1[/JPG]
[JPG]70113_2[/JPG]
[JPG]70113_3[/JPG]
[JPG]70113_4[/JPG]
[JPG]70113_5[/JPG]
[JPG]70113_6[/JPG]
[JPG]70113_7[/JPG]
[JPG]70113_8[/JPG]
[JPG]70113_9[/JPG]
[JPG]70113_10[/JPG]
[JPG]70113_11[/JPG]
[JPG]70113_12[/JPG]
[JPG]70113_15[/JPG]
[JPG]70113_16[/JPG]
[JPG]70113_17[/JPG]
[JPG]70113_18[/JPG]
[JPG]70113_13[/JPG]
[JPG]70113_14[/JPG]
------------------------------------------------------------
පෙර පුවත 2013 ඔක්තෝබර් 27 ඉරිදා- පෙරවරු 10.12
කොළඹ - කටුනායක අධිවේගී මඟ විවෘත කෙරේ.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්් අද (27) පෙරවරු 9.41 ට යෙදුණු සුබ මොහොතින් විවෘත කරනු ලැබුවා. චීන රජයේ ආධාර මත ඉදිකළ මෙම මාර්ගය සඳහා වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350 ක්. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 04 කින් සමන්විත මෙම මාර්ගයේ දිග කිලෝමීටර් 25.8 ක්. මෙහි ඉදිකිරීම් කටයුතු 2009 වර්ෂයේදී ආරම්භ වුණා.
යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 27 ඉරිදා- පෙරවරු 10.12
------------------------------------------------------------
පෙර පුවත 2013 ඔක්තෝබර් 27 ඉරිදා- පෙරවරු 07:40
කටුනායක අධිවේගී මාර්ගය ජනපති අතින් අද විවෘත කෙරේ.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (27) විවෘත කෙරෙනවා. චීන රජයේ ආධාර මත ඉදිකළ මෙම මාර්ගය සඳහා වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350 ක්. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 04 කින් සමන්විත මෙම මාර්ගයේ දිග කිලෝමීටර් 25.8 ක්. මෙහි ඉදිකිරීම් කටයුතු 2009 වර්ෂයේදී ආරම්භ වුණා. කෙසේ වෙතත්, අද උදෑසන 9.45 ට යෙදෙන සුබ මොහොතින් මෙම මාර්ගය විවෘත කිරීමටයි නියමිතව තිබෙන්නේ.
අද විවෘත කෙරෙන කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ ගාස්තු මහාමාර්ග අමාත්‍යාංශය මගින් මීට පෙර ප්‍රකාශයට පත් කළා. වාහන කාණ්ඩ 4 ක් යටතේ ඒ සඳහා ගාස්තු අය කරන අතර පළවෙනි කාණ්ඩයට අයත් සියලූම මෝටර් රථ, ජීප් සහ කැබ් රථ මෙන්ම, ආසන 9 දක්වා වූ වෑන් රථ සඳහා පෑලියගොඩ පිවිසුමේ සිට කටුනායක දක්වා ගාස්තුව රුපියල් 300 ක් වනු ඇති. පෑලියගොඩ පිවිසුමෙන් ඇතුළු වී ජාඇල පිවිසුමෙන් පිටවීමට සහ ජාඇල සිට කටුනායක දක්වා මෙම කාණ්ඩයේ වාහන සඳහා අය කරන මුදල රුපියල් 200ක්.
දෙවන කාණ්ඩයට අයත් වාහන වන්නේ ආසන 9 ට වැඩි මගී ප්‍රවාහන වෑන් රථ, ආසන 9 ත් 33 ත් අතර සියලූ බස් රථයි. ඒ සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 450 කුත්, පෑලියගොඩ සිට ජා-ඇල දක්වා රුපියල් 350ක් සහ ජා-ඇල සිට කටුනායක දක්වා රුපියල් 300 ක මුදලකුත් අය කරනු ඇති.
ආසන 33 ට වඩා වැඩි සියලූ බස් රථ, ඇක්සල් 2 ක් සහ රෝද 6 ක් සහිත ලොරි හා ට්‍රක් රථ ඇක්සල් 3 ක් සහිත මෝටර් ලොරි සහ ට්‍රක් රථ තුන්වන කාණ්ඩයට අයත් වනවා. ඒ සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 600 ක මුදලකුත්, පෑලියගොඩ සිට ජා-ඇල දක්වා රුපියල් 400 ක මුදලකුත් සහ ජා-ඇල සිට කටුනායක දක්වා රුපියල් 300 ක මුදලකුත් අය කිරීමට නියමිතයි.
සිව් වන කාණ්ඩයට එකට ඈදු මෝටර් කෝච් 2 ක් සහිත බස්, ඇක්සල් 4 ක් හෝ ඊට වැඩි සියලූ රථ ඇතුළත් වනවා. ඒ සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 800 ක මුදලකුත්, පෑලියගොඩ සිට ජා-ඇල දක්වා රුපියල් 600 ක මුදලක් සහ ජා-ඇල සිට කටුනායක දක්වා රුපියල් 300 ක මුදලක් අය කිරීමට නියමිතයි.
මේ අතර, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ශ්‍රී ලංගම බස් ගාස්තු ද ප්‍රකාශයට පත්වූ අතර, ඒ අනුව කොළඹ සිට ජාඇල දක්වා රුපියල් 100 ක්ද, කොළඹ සිට කටුනායක දක්වා රුපියල් 130 ක්ද අය කෙරෙනු ඇති. කොළඹ සිට මීගමුව දක්වා රුපියල් 150 ක මුදලක් අය කෙරෙනවා.
Latest News
ප්‍රදේශ කිහිපයකට අද මි. මී 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල
ලක්ෂ 5කට අධික මත්ද්‍රව්‍ය සමග පොලිස් කොස්තාපල්වරයෙක් දැලේ
යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්
දේශසීමා සන්නිවේදන වංචා සහ සූදුව මර්දනයට ශ්‍රී ලංකාව සහ චීනය එක්වෙයි: දැඩි පියවර රැසක්
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 12 තුළ මි.මී. 100 ට වැඩි තද වැසි
මීගොඩ දන්සල් අනතුරේ පලා ගිය සැකකරුවන් තිදෙනෙකු සෙවීමට මහජන සහාය පතයි
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග
ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා - රුපියල පල්ලම් බහින හේතුව ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්