General01 December 2013

ඒඩ්ස් මරණ 337 යි. HIV ආසාදිතයන් 1808 යි.

ලෝක ඒඩ්ස් රෝගය වැළැක්වීමේ දිනය අදට යෙදී තිබෙනවා. නව ආසාදිතයන් බින්දුව දක්වා අඩු කරමු. ඒඩ්ස් මරණ බින්දුව දක්වා අඩුකරමු සහ ඒඩ්ස් රෝගීන් කොන්කිරීම අවම කරමු. යන්න  මෙවර ලෝක ඒඞ්ස් වැළැක්වීමේ දිනයේ තේමාවයි.

දිවයිනෙන් මුල්ම ඒඩ්ස් රෝගියා හඳුනාගැනුනේ 1986 වසරේදියි. ඔහු විදේශිකයෙක් වූ අතර මුල්ම ශ්‍රී ලාංකික එච්.අයි.වී. අසාදිතයා 1989 වර්ෂයේදී හඳුනා ගැනුනා. එතැන් සිට අද දක්වා මෙරටින් එච්.අයි.වී. ආසාදිතයන් 1808 ක් වාර්තාවී තිබෙනවා. මෙම කාලසීමාව තුළ ඒඩ්ස් රෝගීන් 457 ක් හඳුනාගෙන ඇති අතර ඒඩ්ස් මරණ 337 ක් වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.  අප රටෙන් වාර්තාවී ඇති එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් සියයට 52 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර සමස්ත රෝගීන්ගෙන් සියයට 60 ක්ද වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන්. මේ වසරේදී පමණක් පුද්ගලයන් ලක්ෂ 5 කගේ රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 159 ක් එච්.අයි.වී. ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. ඉන් 69 දෙනෙකු පසුගිය මාස 3 තුළ හඳුනාගැනීම විශේෂත්වයක්.
 
එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් 40% ක් පමණ විදේශවල රැකියාවල නිරතවී දිවයිනට පැමිණි පුද්ගලයන් බවට හෙළි වී ඇති බව ජාතික ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකය පවසනවා.


Related recommendation
Hiru TV News | Programmes