ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලූව විසඳිම සඳහා දෙපාර්ශවය අතර, ශක්තිමත් සාකච්ඡා සිදුවිය යුතු බව ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අධ්යක්ෂ ජනරාල් වයිස් අද්මිරාල් අනුරංග් තප්ලියාල් පවසනවා. දකුණු ඉන්දීය මණ්ඩපම් වෙරළාරක්ෂක මධ්‍යස්ථානය වෙත ගිය ඔහු ඊයේ (12) තවදුරටත් ප්‍රකාශ කළේ එවැනි සාකච්ඡා තුළින් දෙපාර්ශවයටම පිළිගත හැකි විසඳුම් අපේක්ෂා කළ හැකි බවයි. මණ්ඩපම් හි නව ඉන්දීය වෙරළාරක්ෂක මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ද ඊයේ ඔහු අතින් විවෘත කෙරුණා. ඉන්දු - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශ ඇතුළු පාර්ශවයන් රැසක් ධීවර ගැටලූව විසඳීමට උත්සාහ දරනවා. එහෙත්, දෙපාර්ශවයේ ධීවරයන් අතර සාකච්ඡාවලින් වඩා ඵලදායි විසඳුම් ලබා ගත හැකි බව ඉන්දීය වෙරළාරක්ෂක ප්‍රධානියාගේ අදහසයි. ඕනෑම විසඳුමක් අවසානයේ ධීවරයන්ට පිළිගත හැකිවිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ අතර, ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එරට ලෝක් සභාව සහ රාජ්‍ය සභාව තුළ ඊයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඉන්දීය වාර්තා සඳහන් කළේ මේ නිසා එම සභාවේ කටයුතු ඊයේ දිනයේදී අතරමග නතර කිරීමට සිදුව ඇති බවයි. ඉන්දීය ලෝක් සභාව තුළ ඞී.එම්.කේ. පක්ෂයේ තමිල්නාඩු දේශපාලනඥයින් දිගින් දිගටම ඉන්දීය ධීවර ගැටළුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමග එහි කතානායක මීරා කුමාර්ට සභාවේ කටයුතු කල් දැමීමට සිදුවුණා.

Latest News
කොලොම්බියාවට 5.1ක භූ කම්පනයක්
Local
27 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 157 දක්වා ඉහළට
Local
27 August 2026
උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
Local
27 August 2026
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට
Local
26 August 2026
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026