ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් සහ විධායක සභා රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
අද (11) පස්වරු 4ට පමණ හිටපු ජනාධිපතිවරයා මෙම රැස්වීමට සහභාගිවීම සඳහා පක්ෂ මූලස්ථානය වෙත පැමිණියා. එම අවස්ථාව වන විටත් විශාල ආධාරකරුවන් පිරිසක් ඩාර්ලි පාරේ නිදහස් පක්ෂ මූලස්ථානය අවට රැදී සිටි බවයි එම ස්ථානයට ගිය අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, කුමාර වෙල්ගම, රත්නසිරි වික්‍රමනායක, ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, මහින්ද සමරසිංහ ඇතුළු හිටපු අමාත්‍යවරුන් රැසක් මෙන්ම පළාත් කිහිපයක මහඇමතිවරුන් ද මෙම රැස්වීමට සහභාගිවීම සඳහා පැමිණ සිටිනවා. මධ්‍යම කාරක සභා සහ විධායක සභා රැස්වීම අවසන්වීමෙන් පසු සන්ධානය නියෝජනය කරන පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන්ගේ හමුවක් ද කැදවා ඇති බව මේ වන විට නිදහස් පක්ෂ මූලස්ථානයේ රැදී සිටින අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර හිටපු අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, පියසේන ගමගේ, ෆයිසර් මුස්තාපා, එස්.බී. නාවින්න, රෙජිනෝල්ඩ් කුරේ, විජිත් විජයමුණි සොයිසා, ජගත් පුෂ්පකුමාර, ජනක බණ්ඩාර, සහ අතාවුද සෙනෙවිරත්න සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කොළඹ - විජයරාම මාවතේ පිහිටි නිවසේ මාධ්‍ය හමුවක් පවත්වනවා. දුමින්ද දිසානායක සහ එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් ද ඊට එක්ව සිටිනවා. මෙහිදී අදහස් දක්වමින් ඔවුන් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ජනාධිපතිවරණයට තරඟ කර ලේකම්වරයා ජය ගත් බවයි. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයා වන බවත්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග අනුශාසකවරුන් බවටත් අද නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවත් ෆයිසර් මුස්තාෆා හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. පක්ෂයේ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කටයුතු කරන බවයි ඔහු සදහන් කළේ.

Latest News
දුම්කොළ තහනම ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට විශේෂ ලිපියක්
Local
13 July 2026
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
Local
13 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පෙරපාසල් සිසුන්ටත් අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
13 July 2026
සුඛෝපභෝගී මෝටර් රථයකින් ‘අයිස්’ ප්‍රවාහනය කළ තරුණ යුවළක් පොළොන්නරුවේදී දැලේ
Local
13 July 2026
ලොව දවන්තම සමාජ මාධ්‍ය දැවැන්තයින් දණගැස්වූ ඓතිහාසික නඩු තීන්දුව මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දැවැන්ත දඩයක්!
Local
13 July 2026
නීති විරෝධී දුම්වැටි 3000ක් සමඟ චීන ජාතිකයෙක් ගාලුමුවදොරදී කොටු
Local
13 July 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොමිස් ගාස්තු රහිත රයිඩ්-හේලිං වේදිකාව වන TruRout එළිදැක්වේ
Local
13 July 2026
කොටස් කර විකුණන්න හැදූ සොරාගත් යතුරුපැදියක් සමඟ විශ්‍රාමික නාවික සෙබළෙක් දැලේ
Local
13 July 2026
දවස් 12ට ඩෙංගු රෝගීන් 13,000 පනී
Local
13 July 2026
ප්‍රවීණ රංගන ශිල්පී සෑම් නීල් දිවිගමනට සමු දෙයි
Local
13 July 2026