General23 March 2015

වෙලේ සුදාට තියෙන චෝදනා දෝෂ සහිතලු

මුදල් විශුද්ධිකරන පනත යටතේ නීතිවිරෝධී වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට පවරා තිබූ නඩුව අද (23) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ දණ්ඩනීති සංග්‍රහය යටතේ එකම වරදක් සම්බන්ධයෙන් වසරක් තුළ අධිචෝදනා ගොනු කළ හැක්කේ චෝදනා 3 කට පමණක් බවයි. එහෙත් සැකකාර වෙළේ සුදාට එරෙහිව වසර  දෙකයි මාස 4 ක් තුළ එකම වරද සම්බන්ධයෙන් චෝදනා 57 ක් ඉදිරිපත් කර ඇති බවද විත්තියේ නීතීඥයින් අධිකරණයට පෙන්වා දුන්නා. ඒ අනුව මෙම අධිචෝදනා පත්‍ර දෝෂ සහිත බැවින් ඊට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස එම නීතීඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. කරුණු සළකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මෙම නඩුවට අදාළ ලිඛිත දේශණ මැයි මස 5 වැනිදාට ඉදිරිපත් කරන ලෙස සියලූ පාර්ශවයන් වෙත නියෝග කළා. ඊට අමතරව නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි ඉදිරිපත් කළ පසු යළි අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවද විනිසුරුවරිය මෙහිදී නියෝග කර සිටියා.
Related recommendation
Hiru TV News | Programmes