General02 April 2015

ෆුල්ෆේස් හෙල්මට් නීතිය දින කිහිපයකට ලිහිල් කරයි

ෆුල්ෆේස් හෙල්මට් තහනම අද සිට ක්‍රියාත්මක වුවද එම නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව දඩුවම් ක්‍රියාත්මක කිරීම දින කිහිපයකින් ලිහිල් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම දින කිහිපය තුළ එම නීතිය කඩකරන්නන්ට අවවාද කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

මේ අතර මෙම තහනමට විරෝධය පළ කරමින් තාරුණ්‍යයේ හඬ සංවිධානය  කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එම සංවිධානයේ විධායක සභිකයෙකු වන අසිත නිරෝෂන් එහිදී කියා සිටියේ, යතුරුපැදිකරුවන්ට සිදුවන මාරාන්තික තුවාලවලින් 40% ක්  පමණ වළක්වාගත හැක්කේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිටීම නිසා බවයි.
Related recommendation
Hiru TV News | Programmes