ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්මේලනය අවසානයේදී අද (09) ගැටුම්කාරී තත්ත්වයක් මතුවුණා. කුරුණෑගල - මලියදේව බාලිකා විද්‍යාලයේ පැවති දිස්ත්‍රික් සම්මේලනයට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංගට රැස්වීමට පැමිණි පිරිසක් විරෝධය දැක්වීමත් සමඟයි මෙම උණුසුම් තත්ත්වය ඇතිවුණේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මේලනයට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, ටී.බී.ඒකනායක, එස්.බී.නාවින්න, අනුර ප්‍රියදර්ශන යාපා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර, නිල්වලා විජේසිංහ, නෙරංජන් වික්‍රමසිංහ, තාරානාත් බස්නායක සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියා.
උත්සවය ආරම්භක අවස්ථාවට එක්වෙමින් පොල්තෙල් පහන දැල්වීමේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංගට උත්සවයට පැමිණ සිටි පිරිසක් හූ කියමින් විරෝධය පළ කළේ ඇයගේ නම ප්‍රකාශ කිරීමත් සමඟයි.
කෙසේ වෙතත්, උත්සවයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා. නමුත් උත්සවය අවසානයේදී හිටපු ජනාධිපතිනිය එම ස්ථානයෙන් පිටවී යන අවස්ථාවේ ඇයට පිරිසක් විරෝධය පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්. එම අවස්ථාවේ ඔවුන් විසුරුවා හැරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත්ද මැදිහත් වුණා. කෙසේ වෙතත්, අප වාර්තාකරු සඳහන් කළේ ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් මෙහිදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ප්‍රහාරයක්ද එල්ල වූ බවයි.
අනතුරුව සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළේ උත්සවයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවන වෙනත් පක්ෂයක සුළු පිරිසක් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීමට උත්සාහ දැරූ බවයි.

Latest News
දවස් 16 ට සංචාරකයින් 113,307ක් ඇවිත්
Local
18 August 2026
එක්සත් අරාබි එමීරයට මිසයිල ප්‍රහාර අවදානමක්: ආරක්ෂිතව රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
18 August 2026
මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්: කාලගුණයෙන් නිවේදනයක්
Local
18 August 2026
හෝමාගම කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේම පෙත්සම් 6ක්
Local
18 August 2026
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026