දිවුලපිටිය - කොටදෙනියාවේදී අපයෝජනයට ලක්කර ඝාතනය කළ සේයා සදෙව්ම් දැරියගේ නඩු භාණ්ඩ ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමුකර තිබෙනවා. ඒ, මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ පොලිසියට අද (16) කළ නියෝගයට අනුවයි. මීගමුව කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් අදාළ නඩු භාණ්ඩ අධිකරණයට භාරදීමට අද පැමිණි අවස්ථාවේදී ඒවා ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමුකරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
මේ අතර, පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ විකෘති කාම ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයෙකු ඝාතනය සිදුකර ඇති බවට සැක මතු වී ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සඳහන් කළේ.
පසුගිය සිකුරාදා රාත්‍රියේ අතුරුදන් වූ සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පසුගිය ඉරිදා උදෑසන සොයා ගත්තේ ඇය පදිංචිව සිටි නිවස අසල පිහිටි ඇල ඉවුරක තිබියදීයි.
පසුව මූලික පරීක්ෂණවලදී මෙය ඝාතනයක් බවට අනාවරණය වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බවයි.
සේයා සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 30 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඝාතනයට ලක්වු සේයා සදෙව්මි දැරියගේ 05 වන උපන්දිනයද අදට යෙදී තිබෙනවා.
Update : Wednesday, 16 September 2015 - 18:49
----------------------------------------------------------
ඝාතනයට ලක්වූ සදෙව්මි දැරියගේ නඩු භාණ්ඩ ගැන නියෝගයක්
දිවුලපිටිය - කොටදෙනියාවේදී ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ නඩු භාණ්ඩ ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමු කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ පොලීසියට අද නියෝග කළා. ඒ, මීගමුව කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් අදාළ නඩු භාණ්ඩ අධිකරණය වෙත භාරදීමට පැමිණි අවස්ථාවේදියි. මෙම දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවට සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඒ පිළිබඳව සිදුකෙරෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට භාර දී තිබෙනවා.
Update: Wednesday, 16 September 2015 - 13.24
.............................................................................................
සේයාට සිදු වූ අපරාධය CIDයට
දිවුලපිටිය - කොටදෙනියාවේදී සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කර, ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ විකෘති කාම ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකළ බවට දැඩි ලෙස සැක මතු වී ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසන්නේ. ඝාතනයට වගකිව යුත්තන් සොයා ගැනීම සම්බන්ධයෙන් අවසන් අදියරේ විශේඥ පරීක්ෂණ මේ වන විට සිදුකෙරෙමින් පවතින බව පරීක්ෂණ මෙහෙය වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා.
පසුගිය සිකුරාදා රාත්‍රියේ අතුරුදන් වූ සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර ඉරිදා පෙරවරුවේ හමුවූයේ ඇය පදිංචිව සිටි නිවස අසළ පිහිටි ඇළ ඉවුරක තිබියදියි. මූලික පරීක්ෂණවලදී මෙය ඝාතනයක් බවට අනාවරණ වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කර ඇති බවට තහවුරු වුණා.
මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 30කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එම පිරිස අතරට දැරියගේ මව, පියා, සීයා සහ මිත්තණිය ඇතුළත්.
ඝාතනයට ලක්වූ දිවුලපිටිය - කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදුකළා. ඉන් පසු දැරියගේ නිවසට රැස්වූ අති විශාල ප්‍රදේශවාසීන් පිරිසක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකරමින් එහි දීර්ඝ වේලාවක් රැඳී සිට තිබුණා. එහිදී කළහකාරී අයුරින් හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකුට දැඩිව අවවාද කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඝාතනයට ලක්වූ මෙම දැරියට අදට වසර 5ක් සම්පූර්ණ වනවා.
Update: Wednesday, 16 September 2015 - 7:46

සදෙව්මිගේ ඝාතනයට ඇයව දන්න විකෘති ආශාවන් සහිත පුද්ගලයෙකු ගැන සැක
ඝාතනයට ලක්වූ දිවුලපිටිය - කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදුකිරීමෙන් පසු දැරියගේ නිවසට රැස්වූ අති විශාල ප්‍රදේශවාසීන් පිරිසක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකරමින් එහි දීර්ඝ වේලාවක් රැඳී සිට තිබෙනවා. එහිදී කළහකාරී අයුරින් හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකුට දැඩිව අවවාද කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අප වාර්තාකරු සඳහන් කළේ දහසකට ආසන්න ප්‍රදේශවාසීන් පිරිසක් අවමංගල කටයුත්තෙන් අනතුරුව දැරියගේ නිවස අවට රැඳී සිටි බවයි.
සේයා සදෙව්මි දැරියගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණේ බඩල්ගම - අකරන්ගහ පොදු සුසානභූමියේදියි.
මේ වනවිට දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු පිළිබඳව පොලිස් පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය මේ වනවිට යොමුව තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තවත් විශේෂඥ පරීක්ෂණ කිහිපයකින් පසු ඝාතන සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගත හැකිවන බවයි. විකෘති ආශාවන් සහිත පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ. පරීක්ෂණ කටයුතු බොහොදුරට අවසන් කර ඇති බවත් එමගින් යම් නිගමනයන්ට පැමිණීමට හැකිව ඇති බවත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පරීක්ෂණ මෙහෙය වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු තහවුරු කළා.
එසේම දැරිය ඝාතනය කළේ වෙනත් ප්‍රදේශයකින් පැමිණි පුද්ගලයෙකු නොව ඇය හොඳින්ම දන්නා, හඳුනන කෙනෙකු විසින් බවට පොලීසියට සැක කරනවා. දැරිය නිවසෙන් රැගෙන යන මොහොතේ කෑගැසීමක් සිදු නොකළේ ඒ නිසාවෙන් බව පරීක්ෂණ කණ්ඩායම්වල අදහසයි.
මිට පෙර පළ වූ පුවත :
සඳෙව්මි අවසන් ගමන් යයි - ගම්මු නිවස වටකර.. ඉල්ලයි..

Latest News
දේශපාලන සිරකරුවන් රඳවාගැනීම වහා නතර කරන ලෙස බංග්ලාදේශයට ඉල්ලීමක්
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 1500ට ආසන්න වෙයි
Local
27 August 2026
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
Local
27 August 2026
බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ 'කලෙක්ටර්' අත්අඩංගුවට
Local
27 August 2026
ජර්මානු Porsche සමාගම සහ ඉන්දියාවේ TCS අතර යුරෝ බිලියන 1.25 ක දැවැන්ත ගිවිසුමක්
Local
27 August 2026
300KWට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
27 August 2026
කැබිතිගොල්ලෑවේ බිහිසුණු අනතුරක් - බිළිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 579 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාලයේ මුදා ගැනීම්වලට සහාය වීමට ලංකාව සූදානම් - ජනපතිගෙන් සටහනක්
Local
27 August 2026
මාලිමා රජය යටතේ ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි: විපක්ෂ නායක සජිත්
Local
27 August 2026