International08 November 2015

වසර 25 කින් මියන්මාරයේ පැවැත්වෙන ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණය අදයි

වසර 25 කින් මියන්මාරයේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණය අද පැවැත්වෙනවා. ඒ සඳහා විපක්ෂ නායිකා අවුන්සාන් සුකීට සහභාගිවීමට නොහැකි වුවද ඇය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත්කරගනු ඇතැයි ප්‍රකාශ කළා. අවුන්සාන් සුකී 1990 වසරේ පැවති මියන්මාර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළද පසුව එහි ප්‍රතිඵල අවලංගු කළ හමුදාව පාලන බලය සියතට ගත්තා. ඉන්පසුව වසර ගණනාවක් ඇයට නිවාස අඩස්සියේ ගතකිරීමට සිදුවුණා. අවුන්සාන් සුකීට මහ මැතිවරණයට තරඟ කළ නොහැකි ආකාරයෙන් හමුදා රජය එරට ව්‍යවස්ථාවද වෙනස් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes