International09 November 2015

මියන්මාර මහ මැතිවරණයේ පරාජය එරට හමුදා සහය ලබන එක්සත් සහෝදරත්ව සංවර්ධන පක්ෂය භාරගනි

මියන්මාර මහමැතිවරණයේ පරාජය භාර ගන්නා බව හමුදා සහය ලබන එක්සත් සහෝදරත්ව සංවර්ධන පක්ෂය පවසනවා. දැනට ගණනය කර ඇති ඡන්දවලින් අවුන්සාන් සුකී නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට සියයට 80 ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මියන්මාර මැතිවරණයේ තවත් ප්‍රාන්ත 5 ක ප්‍රතිඵල නිකුත්වීමට තිබෙනවා. ඊයේ පැවැත්වුණේ වසර 25 කට පසු මියන්මාරයේ පැවති ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයයි.
Related recommendation
Hiru TV News | Programmes