විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීම සඳහා අද (18) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. මීට අදාළ කැබිනට් පත්‍රිකා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කර එහි බලතල පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවටත්, සමානුපාතික නියෝජිත ඡන්ද ක්‍රමය සංශෝධනය කර වඩාත් ප්‍රජාතාන්ත්‍රීය මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවටත් එමඟින් යෝජනා කර තිබුණා.
ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කෙරෙන අතර ඉදිරි සති දෙක තුළ එමඟින් කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළ යුුතුයි.
නීති කෙටුම්පත් නිලධාරීන්, සංශෝධනවලට අදාළ ඉදිරි කටයුතු සිදු කෙරන්නේ ඉන් අනතුරුවයි. එසේම මෙම කටයුතු සඳහා උනන්දුවක් දක්වන අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල සහ මහජන නියෝජිතයන්ගේ අදහස් සළකා බැලිය යුතු බවටද ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ මාස 6 ක් තුළ මෙම සංශෝධන ක්‍රියාත්මක කරන බවයි. විධායක ජනාධිපති ධුරය අහෝසිවීම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ වත්මන් නිල කාලය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළා.
මේ අතර පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීම වෙනුවට වවුචර්පතක් ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ යෝජනාවටද අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ අනුව ලබන වසරේ සිට මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇති.

Latest News
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
Local
22 August 2026
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ වධහිංසා පමුණුවන බවට සහෝදරියගෙන් චෝදනා
Local
22 August 2026
ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්‍රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්
Local
22 August 2026
ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනිය දැයෙන් සමුගනී
Local
22 August 2026
ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් ජනපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් ශෝක පණිවුඩ
Local
22 August 2026
ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට පහරදී ආර්ජන්ටිනාව අමාරුවේ : පරේඩෙස්ට තරග 10 ක තහනමක් සහ ආර්ජන්ටිනා ක්‍රීඩකයින්ට දැඩි දඬුවම්
Local
22 August 2026
වියළි කාලගුණයෙන් 81,865ක් පීඩාවට
Local
22 August 2026
වාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
22 August 2026