International26 November 2015

දකුණු සහ උතුරු කොරියානු සාකච්ඡා යළිත් වතාවක්

දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර යළිත් වතාවක් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එම සාකච්ඡා උතුරු කොරියාවේ කඳුකර ගම්මානයක් වන කුම්ගන්ග් හිදී පැවැත්වීමට නියමිතයි. මීට පෙර පසුගිය ඔක්තෝම්බර් මාසයේද දෙරටේ නිලධාරීන් අතර සාකච්ඡා වටයක් පැවැත්වුණා.

එහිදී කොරියානු යුද්ධයෙන් වෙන් වූ පවුල් එක්කිරීමට දෙපාර්ශවය තීරණය කළා. කෙසේ වෙතත්, මෙවර පැවැත්වෙන සාකච්ඡාවේදී දෙපාර්ශවයේ අවධානය යොමුවන කරුණු සම්බන්ධයෙන් මෙතෙක් හෙළිකර නැහැ.
Related recommendation
Hiru TV News | Programmes