සුසිලා කූරගම අභාවප්‍රාප්ත වෙයි

Monday, 01 February 2016 - 19:12

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%96%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රංගන ශිල්පිනි සුසිලා කූරගම අභාවප්‍රාප්ත වෙයි. දරුවන් හය දෙනෙකුගේ මවක වන ඈ  අද (01) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. කලක් තිස්සේ රෝගාතුරව සිටි සුසිලා කූරගම මහත්මිය දින කිහිපයක සිට අසාධ්‍යව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

කොළඹ නරාහේන්පිටදී 1943 ඔක්තෝබර් 14 වන දින උපත ලද ඇය සත්වන වියේ සිට  කලා කටයුතු වලට සම්බන්ධ වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

නාඩගම්, නාට්‍ය, වේදිකා, ටෙලිනාට්‍ය, මෙන්ම  සිනමාවේද රංගන ශිල්පිනියක වූ ඈ නාට්‍ය නිෂ්පාදනයටද දායක වී ඇත. එළාර- දුටුගැමුණු, හේමමාලී සරදියෙල් ආදී  ඓතිහාසික නාට්‍යවලින් වේදිකාවට පිවිසි සුසිලා කූරගම - සිනමාවට ප්‍රවිෂ්ට වන්නේ දීපාංජලී  චිත්‍රපටයෙන්.

මුවන්පැලැස්ස, අජාසත්ත  මෙන්ම ගිම්හානයේ ගී නාදේ  ආදී චිත්‍රපට 60කට අධික ප්‍රමාණයක සුසිලා කූරගම සිය  කුසලතා ප්‍රදර්ශනය කර තිබේ.

ඇයගේ  අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories