ගැබ්බර මුවෙකු මරා මස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හම්බන්තොට ගොන්නොරුව මාර්ගයේ අද අලුයම කල සෝදිසි මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට පත්වන විට සැකකරුවන් ත්‍රී රෝද රථයකින් මස් තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
පන්වැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මුව මස් හම්බන්තොට වනජීවී කාර්යාලය වෙත භාරදී තිබෙනවා.
සැකකරුවන්ගෙන් කල ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ පන්වැව රක්ෂිතයේ ඇටවු කම්බි උගුලකට හසුවු මුව දෙන මරා මස් කර විකිණීම සඳහා බඳගිරිය ප්‍රදේශයට රැගෙන යමින් සිටි බවයි.
සැකකරුවන්ගේ ප්‍රකාශ මත අදාළ කැලෑ ප්‍රදේශයේ කල සෝදිසියකදී මස් කරන ලද මුව දෙනගේ සිරුරු කොටස් සොයාගෙන තිබෙනවා.
හොඳින් වැඩුනු ඉපදීමට සතියක පමණ කාලයක් ඇති කලලයක් ද එම ස්ථානයේදී තිබී ඇතැයි සඳහන්.
එම රක්ෂිතයේ කල සෝදිසියකදී අටවා තිබු කම්බි උගුල් 20 කට වැඩි ප්‍රමාණයක් ද ගලවා ඉවත්කර තිබෙනවා.
සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප - අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර

Latest News
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ: සිරකරුවන් සිරමැදිරිවලට සීමා කරයි
Local
02 August 2026
මහර බන්ධනාගාරය සහ අවට ආරක්ෂාව තහවුරුයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
02 August 2026
ඉරානයට එල්ල කිරීමට ගිය දැවැන්ත ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්
Local
02 August 2026
ප්‍රකට 'The Sopranos' නාට්‍ය මාලාවේ රංගන ශිල්පී වින්සන්ට් පැස්ටෝර් අභාවප්‍රාප්ත වෙයි
Local
02 August 2026
රාගම ග්‍රාම සේවා වසම් 03කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
Local
02 August 2026
පේරූ රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටෙයි: 13ක් ජීවිතක්ෂයට
Local
02 August 2026
පළාත් කිහිපයකට තද වැසි සහ සුළං
Local
02 August 2026
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026