General12 July 2016

උතුරේ අද ධීවර විරෝධතාවක් (ඡායාරූප)

උතුරේ ධීවර වෘත්තීය සමිතිවල නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ උතුර පළාත් සභාව ඉදිරිපිට දී විරෝධතාවයක නිතර වුණා.

ඒ, ඉන්දීය ධීවරයින්ට අයත් විශාල ට්‍රෝලර් යාත්‍රාවලට උතුරු මුහුදේ මසුන් මැරීම සඳහා අවසර ලබාදිය යුතු බවට පළාත් සභාව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.

විරෝධතාවය සඳහා වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල ධීවර වෘත්තීය සමිතිවල නියෝජිතයින් මෙන්ම ධීවරයින් විශාල පිරිසක් එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ උතුරු - නැගෙනහිර ධීවර සහයෝගීතා පදනමේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් කියා සිටියේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණීම වැළැක්වීම සඳහා රජය කඩිනම් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක

Related recommendation
Hiru TV News | Programmes