General14 September 2016

වෛද්‍යවරුන් හෙට සංකේත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට කුරුණෑගල, මහනුවර හා මාතර යන දිස්ත්‍රික්කවල සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේදී ගැටළු රැසකට මුහුණ දී ඇති බව පවසමින්.

එම සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් අද උදෑසන ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණියා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මුණ ගැසීමේ අපේක්ෂාවෙන්.

ඔවුන් මේ වන විටත් අමාත්‍යාංශයේ රැදී සිටින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, වර්ජනයේ නිරත රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමය, රත්නපුර, කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික් 11ක් ආවරණය වන පරිදි අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක අද පෙරවරුවේ නිරත වුණා.

ඒ, තම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහායි. 
Related recommendation
Hiru TV News | Programmes