General23 October 2016

දුම්වැටියක මිල රුපියල් 55 දක්වා ඉහළට

සියයට 15 ක වැට් බදු පැනවූ පසු දුම්වැටියක මිල රුපියල් 55 දක්වා ඉදිරියේදී  වැඩිවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව දුම්වැටියක මිල රුපියල් හතකින් පසුගියදා ඉහළ නැංවුණු අතර, සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු යළි දුම්වැටියක මිල ඉහළ යන  බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.  

දුම්වැටියක මිල රුපියල් 42 දක්වා වැඩිවුවද බීඩි සහ සුරුට්ටු භාවිතයේ වැඩිවීමක් සිදුවී නොමැති බව අමාත්‍යවරයා කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දුම්වැටි මිල වැඩිකිරීමෙන් දුම්වැටි භාවිතය  සියයට හතරේ සිට සියයට පහ දක්වා අඩුවී ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes