General27 December 2016

ජීවිතයක් අහිමි කළ හල්දුම්මුල්ලේ මාරක රිය අනතුර (ඡායාරූප)

හපුතලේ - බෙරගල මාර්ගයේ ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් හල්දුම්මුල්ල ප්‍රදේශයේදී අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක් මිය ගොස් කුඩා දරුවෙකු ඇතුළු තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කළුතර ප්‍රදේශයේ සිට බණ්ඩාරවෙල දක්වා විනෝද චාරිකාවක් සදහා පැමිණි පුද්ගලයන් පිරිසක් සිටි මෝටර් රථයක් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අනතුරට ලක්වූ පුද්ගලයන් හල්දුම්මුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා දියතලාව රෝහලට මාරුකර යවා තිබෙනවා.



ඡායාරූප - හපුතලේ නයනානන්ද බුවනෙක
Related recommendation
Hiru TV News | Programmes