General31 March 2017

විමල්ට වාට්ටු මාරුවක්

ආහාර වර්ජනය කරමින් දින 09 ක් උපවාස කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බව කොළඹ ජාතික රෝහල පවසනවා.

ඔහු තව දුරටත් දියර අහාර පමණක් ගනිමින් සිටින බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා කියා සිටියේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා.

මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමෙන් අනතුරුව ශෂී වීරවංශ මාධ්‍ය වෙත කියා සිටියේ හෙට දිනයේදී සිය සැමියා වෙනත් වාට්ටුවකට මාරු කිරීමට බොහෝදුරට ඉඩකඩ පවතින බවයි.

Related recommendation
Hiru TV News | Programmes