General31 March 2017

දරුවෙකුට පහර දුන් පියෙකු අත්අඩංගුවට

තම දරුවාට ඝන වයර් කැබැල්ලකින් අමානුෂික අයුරින් නිරන්තරයෙන් පහර දෙන පියෙකු කඩවත - දළුපිටිය ප්‍රදේශයේ පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.

ඒ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුවයි.

දස හැවිරිදි දරුවාගේ මව රැකියාවක් සඳහා විදේශගතව සිටිනවා.

මීට පෙර මෙම පියා සහ දරුවා කොළඹ - ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, මාස තුනකට පමණ පෙරයි කඩවතට පැමිණ ඇත්තේ.

එතැන් සිට දරුවා පාසල් ගොස් නොමැති අතර, පියා නිරන්තරයෙන් මෙම කුඩා දරුවාට පහර දෙන බව ප්‍රදේශවාසියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

මේ වන විට අදාළ දරුවා රාගම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙන අතර, සැකකාර පියා හෙට මහර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes