General23 April 2017

බලපත්‍ර නොමැතිව පස් කැපූ තුන්දෙනෙකු දික්ඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට (ඡායරූප)

හැටන් - දික්ඔය - දරවල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් පස් කපමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සමග පස් කැපීමට යොදාගත් බැකෝ යන්ත්‍රය සහ පස් ප්‍රවාහනය කිරීමට යොදාගත් ලොරි රථ දෙකක්ද නල්ලතන්නිය - රිකාටන් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ මෙලෙස සිය භාරයට ගෙන ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් හැටන් පොලීසියට භාරදී තිබෙනවා.



හැටන් රංජිත්
Related recommendation
Hiru TV News | Programmes