International23 April 2017

ඇමරිකානු සුපිරි යුද නෞකාවක් ජපාන මුහුදට

ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි ඇමරිකානු නාවික හමුදාවට අයත් කාල් වින්සන් නමැති සුපිරි යුද නෞකාව ඉදිරි දින කිහිපය තුළ ජපාන මුහුදට පැමිණෙන බව ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කළා.

ඒ ඔහු සිය ආසියා පැසිෆික් සංචාරය අතරතුර  ඕස්ට්‍රේලියාවේ - සිඩ්නි නුවරට පැමිණි අවස්ථාවේදීයි.

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් වලට ප්‍රතිචාර දක්වමින් කාල් වින්සන් යුද නෞකාව කොරියානු අර්ධද්වීපය වෙත යැවීමටයි ඇමරිකාව මීට පෙර තීරණය කර තිබුණේ.

කෙසේ නමුත්, ජපානය ද උතුරු කොරියානු තර්ජනයට ලක්වන රටක් ලෙසයි සැලකෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes