General25 April 2017

ලක්ෂ 70 ක හෙරොයින් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ( ඡායාරූප)

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනඒමට උත්සහකළ හෙරොයින් ග්රෑම් 708 ක් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට අද අලුයම මෙරටට පැමිණි වයස අවුරුදු 40ක පමණ පකිස්ථාන ජාතිකයෙකු මෙම හෙරොයින් ගෙනවිත් ඇති බවයි වාර්තාවන්නේ.

අදාල පුද්ගලයා සිය යට ඇදුම තුල සගවාගෙන ඒවා මෙරටට ගෙනඒමට උත්සහගෙන තිබෙනවා.

ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අදාල පාකිස්තාන ජාතිකයා අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

සොයාගත් හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.



 ඡායාරූප - කටුනායක ටී.කේ.ජී.කපිල
Related recommendation
Hiru TV News | Programmes