General25 April 2017

මතුගම අධිකරණය අසලදී හෙරොයින් සමග කාන්තාවක් දැලේ

මතුගම අධිකරණ සංකීර්ණය අසලදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද උදෑසන  10 ට පමණ මතුගම පොලිසියට ලැබුනු තොතුරකට අනුව සැක කටයුතු කාන්තාවක් පරීක්ෂා කිරීමේදීයි හෙරොයින් හමුවී ඇත්තේ.

බෙන්තොට ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක් හමුවී තිබෙනවා.

ඇය මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මතුගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes