General25 April 2017

මෙරට බලශක්ති සුරක්ෂිතතාව ඉන්දියාව අත්පත් කරගැනීමේ අවදානමක් - ජා.නි.පෙ

ඉන්දියාව මෙරට බලශක්ති සුරක්ෂිතතාව අත්පත් කරගැනීමේ අවදානමක් පවතින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.   

 ‘‘ත්‍රිකුණාමලය තෙල් ටැංකි අවට තිබෙන ඉඩම්වල අයිතිය වසර 50 ක කාලයකට ඉන්දියාවට ලබාදීම සඳහා සැළැස්මක් දියත් වෙමින් යනවා. ඒ එම් ජී ප්ලාන්ට් එකක් හදන්න. ඒ වගේම තමා තව පිරිපහදුවක් හදන්න නාගරික ප්‍රදේශවල නිවාසවලට නළ මගින් ගෑස් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා ඒ ව්‍යාපෘතියේ අයිතිය ඉන්දියාව සතු කරගැනීම තමයි මේකෙන් වෙන්නේ. මේ සියල්ලටම අත තිබ්බාට පසු ශ්‍රී ලංකාවට අයිති සම්පූර්ණ බලශක්ති සුරක්ෂිතතාව ඉන්දියාව අත්පත් කරගැනීම සිද්ධවෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිත බවට පළවන වාර්තා පිළිබඳව මෙහිදී මොහොමඩ් මුසම්මිල්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.  ‘‘එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිල වශයෙන් මැදිහත්වෙලා ඉන්න කට්ටියනේ අනුර දිසානායකලා ඇතුලූ ජනතා විමුක්ති පෙරමුණ. අනුර දිසානායක මහත්තයාගේ පුද්ගලික ලේකම් අරලියගහ මන්දිරයේ ඔෆිස් එකක් තියාගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඔවුන්ට වුවමනා වෙලා තියෙනවා අපිටත් මඩ ගහන්න. පැහැදිලිවම කියනවා මේක ජනතා විමුක්ති පෙරමුණේ වුවමනාව මත ගොඩනගපු දේශපාලන අවලාදයක්. අපි අතර එවැනි කිිසිදු බැඳීමක් නැහැ. අපි කාගෙත් අරමුණ එකයි.’’

Related recommendation
Hiru TV News | Programmes